Skip links

ප්‍රායෝගික සටන් පාඨ  ටිකක් හොයා ගමු

~ චාන්දිමා නානායක්කාර

ඇත්ත කතාව තමයි අපිට මේ 225ම එපා කියන එක ‘Gohomegota’, ‘Go home 225’ වගේ
සටන් පාඨ  කියලා අපි කෑගහල, බැරි වෙලාවත් එයාල ඔක්කොම ගියා කියමුකො. ඊලග චන්දෙ තියන්නෙ ඔබද? මමද? ඇත්තටම අලුත් තරුණ නායකත්වයක් ඕන තමයි. එකේ කතා දෙකක් නෑ. ඒත්, කෝ කව්ද දැනට මේ වැඩේ කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ?

ඒක නිසා, අපි පොඩ්ඩක් පැහැදිලිව රට හදන පැත්තෙ ප්‍රායෝගික සටන් පාඨ  ටිකක් හිතමුද? මගේ එතරම් දේශපාලන අත්දකීමක් නැති මොලේට (වෙන අයගේ අදහස් ඇතුලුව) හිතෙන්නෙ මේ අවස්ථාව තමයි අපි ඔක්කොම එකතු විය යුතු අවස්ථාවක් කියන එක.

JVP හොදයි කියන අය ඉන්නවා නේද? SJB හොදයි කියන අයත් ඒ එක්කම ඉන්නවා නේද? රනිල් වික්‍රමසිංහ හිටියා නම් හොදයි කියන අයත් මේ අතරෙම ඉන්නවා නේද? මෙන්න හොද අවස්ථාව එයාල ඔක්කොටම එකතු වෙලා, ඇත්තටම රට ගොඩ ගන්න. එකේ එක පාට, මතවාද අනුව් බෙදිලා ඉන්නැතුව, අඩු තරමින් මේ වෙලාවේ. අපිට පෙන්නන්න එයාලට යම් දෙයක් කරන්න පුලුවන් කියලා. දැන් ගෙදර යවන්න ඕන ඔය ඔක්කොම ගෙදර ගියා කියලා අපේ ප්‍රශ්න ඉවර වෙන්නෙ නෑ. අපිට විසදගන්නත් බෑ. ඒක නිසා අපි හදමු අලුත් සටන් පාඨ  ටිකක්.

225 ගෙදර යවමු චන්දෙකින්, පරණ කට්ටියම නොදා (reshuffle නැතුව) ඔක්කොම පක්ශ එකතු කරගන්න බලමු. 20 වෙනස් කරගන්න එයාලට පාලිමේන්තුවේදි බලකරමු.  ඊට පස්සෙ, රට ගොඩ ආවම, බලමු චන්දෙන් අපි මොකද කරන්නෙ කියලා.

ඒත්, මේ වෙලේ චන්දයක් තියන්න තියා ගෑස්වත් ගන්න අපිට සල්ලි නෑ. ඔයාල ඔක්කොම මම උඩින් කියපු ඔක්කොටම විරුද්ධයි නම්, කියන්න මොකක්ද හොදම පිලියම කියල. කතාකරන්න තරුණ නායකයින්ට; එන්න කියන්න ඒ අයට ඉදිරියට. හැබැයි එයාලටත් ටක් ගාල පාර්ලිමේන්තුවේ ඉදගන්න බෑනේ. මම වැරදි නම්, ඔයාලගෙ අදහස් දෙන්න.

ජන අරගලය කරන්න ඕන හේතුවක් ඇතුව. එන්න, අපි එකතු වෙලා අපේ රට ගොඩගන්න විදියක් හිතමු. ඒ හිතන දේ හරියට හිතලා කරමු

Leave a comment

This website uses cookies to improve your web experience.