වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ බහූත්වවාදයේ ඓතිහාසික පදනම

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ඉතාමත් සරලව පැවසුවහොත්, බහූත්ව සමාජයක් යනු බෙහෙවින් සාමාන්‍ය දෙයකි. එවන් සමාජයක් මූලික වශයෙන් යම් පදනම් කීපයක් මත සමාජයක විවිධත්වයක් ඇති බවත් එය සාධනීය තත්ත්වයක් බවත්  පිළිගනී. මේ විවිධත්වය කුලය, ආගම, ජනවර්ගය, භාෂාව, කලාපීය අනන්‍යතා වැනි ඕනෑම  ලක්ෂණයක් මත පදනම් විය හැක. මේ අර්ථයෙන් ගත් විට, ලෝකයේ බහූත්ව නොවන සමාජයක් සොයා ගත නොහැක. ඒ වෙනුවට අපට දැකගත හැක්කේ, බහූත්ව ලක්ෂණ සාපේක්ෂ වශයෙන් අඩු හෝ එවැනි ලක්ෂණ සාපේක්ෂ වශයෙන් වැඩි සමාජ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘බ්‍රැන්ඩික්ස් පොකුර’ මගින් පෙන්නුම්කරන ඇඟලුම් සේවිකාවන් හා සම්බන්ධ ලාංකේය චින්තනමය දරිද්‍රතාව

~ ආශාවරී කරුණානායක ප්‍රවේශය කාන්තාව හා බැඳි නොයෙකුත් කතිකා සමාජය තුළ ගොඩනැගීම ආගන්තුක කාරණයක් නොවේ. අප මැනැවින් දන්නා පරදි, කලින් කලට සමාජය තුළ කාන්තාව කේන්ද්‍ර කරගත් නොයෙකුත් ආකාරයේ කතිකා ගොඩනැගීම සුලභ දෙයකි. ඒ අනුව, මේ සම්බන්ධයෙන් ලාංකේය ජන සමාජය ඇසුරින් විමසීමේදී 2020 ඔක්තෝබර් මස මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව වර්ධනය වූ කොරෝනා දෙවන රැල්ල තුළ කාන්තාව සම්බන්ධයෙන් ගොඩනැගුණා වූ කතිකාව සහ ඒ තුළ ඇය විෂයෙහි ගොඩනගන ලද ප්‍රතිරූපය යථෝකත කාරණය සම්බන්ධයෙන් මනාව සාක්‍ෂි දරනු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා: නිරෝධායන අඩස්සියේ හිඳ ලියූ පදවැල්’

විමර්ශනය: සඳරැසී  සුදුසිංහ විද්‍යුත් තැපෑලෙන් මා  ලද මුල්ම කවි පොත වන ‘උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා:   නිරෝධායන අඩස්සියේ හිඳ ලියූ පදවැල්’ නම් කාව්‍ය සංග්‍රහය  සමාජ විද්‍යාඥයෙකුගේ හදවත දෙබෑ කරමින් මතුවූ කවි පෙති රැසකින් සමන්විතය. ඉහල පරිකල්පන ශක්තියකින් මෙන්ම නිර්මානශීලිත්වයකින් ද අනූන විද්වත් මනසකට දාව උපන් මේ කවි සමාජ විද්‍යාඥයෙකුගේ දැනුම් සම්භාරය හා විමසුම් ඇස සමාජයේ අස්සක් මුල්ලක් නෑරම සැරිසරන වගට තවත් එක ලකුණකි. ආර්ථික, සමාජයීය, සංස්කෘතික , ආගමික යන ඕනෑම පසුබිමක ඔහුට අහුලන්නට, එක්රැස්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අහිලන් ගේ කවි සිංහලෙන් කියවීමට ඇති නොහැකියාව ගැන ….

Ahilan, Then There Were No Witnesses: Poems, translated by Geetha Sukumaran (අහිලන්, එවිට සාක්ෂිකරුවෝ නොසිටියහ: කවි, ඉංග්‍රීසි පරිවර්තනය ගීතා සුකුමාරන් විසිනි). ටොරොන්ටෝ: මවෙන්සි හව්ස් ප්‍රකාශන සමාගම, 2018. පිටු: 117. ISBN 978-1-988449-35-7. මිල: කැනේඩියානු ඩොලර් 24.95  (මෘදු කවරය සහිතව). විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා පක්‍යනාදන් අහිලන් කවියෙකු බව මීට සති කිහිපයකට පෙර වන තුරු දැන සිටියේ නැත. මා ඔහු දැන සිටියේ කලා ඉතිහාසඥයෙකු වශයෙනි. ඒ මූලික වශයෙන් මීට දොළොස් වසරකට පමණ පෙර පඨිත සාර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අමීනා හුසේන් ගේ ඉබන් බතූතා පිළිබඳ කියවීම පිළබඳ ‘කියවීමක්’

Ameena Hussein, Chasing Tall Tales and Mystics – Ibn Battuta in Sri Lanka: A personal Journey (අමීනා හුසේන්, විශ්වාස කළ නොහැකි කතා සහ මුනිවරු හඹා යෑම – ලක්දිවට පැමිණි ඉබන් බතුතා: පෞද්ගලික සංචාරයක්). කොළඹ: සේල් ෆිෂ් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 294. ISBN 978-955-7743-05-9. මිල: ශ්‍රී ලංකා රුපියල් 1, 500.00  (මෘදු කවරය සහිතව). විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අමීනා හුසේන් 1304 හා 1369 අතර කාලය තුළ ජීවත් වූ සුප්‍රසිද්ධ මොරොක්කානු සංචාරකයෙකු සහ ඉස්ලාම් ධර්මය පිළිබඳ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාවේ රථ ධාවනයෙන් පෙනෙන රියදුරන්ගේ ‘පුරවැසි’ දැනුම

~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය රථ ධාවනය යනු එදිනෙදා ජීවිතය තුළ ඉතා සාමාන්‍ය උපකාරික සංසිද්ධියකි. එය කෙතරම් සාමාන්‍යරණය වී තිබේද යත්, ධාවනය පිලිබඳ ක්‍රියාවලිය වෙනස් කළ යුතු යැයි හෝ වෙනස් කළ හැකි යැයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ නැත. පවතින තත්ත්වය සමග අනුගත වීම හැර වෙනත් විකල්පයක් තිබෙන බව ද බොහෝ දෙනා විශ්වාස කරන්නේ නැත. කෙසේ වෙතත්, රථ ධාවනය යනු, සමීපව නිරීක්ෂණය කළහොත්, සමස්ත සමාජය පිලිබඳ ප්‍රතිබිම්බයක් ලබාදෙන සමාජයීය හරස්කඩකි. මේ කෙටි ලිපියේ අවධානය යොමු වන්නේ,…
වැඩි විස්තර පරිශීලනයට