Skip links

2021 ‘පඨිත’ 12 වෙළුම: කලාප අංක 1 හා 2

මේ වන විට ලංකාවේ පවතින කොවිඩ් වසංගතය ආශ්‍රිත තත්ත්වය හේතුවෙන් 2021 මැයි මාසයේ දී ප්‍රකාශ වීමට නියමිතව තිබූ පඨිත 12 වන වෙළුමේ පළමු කලාපය (1)  මැයි මාසයේ නිකුත් නොවේ. ඒ වෙනුවට,  2021 සැප්තැම්බර් මාසයේ දී 12 වන වෙළුමේ  පළමු (1) වෙළුම මෙන්ම දෙවන වෙළුම ද (2)  එකාබද්ධ වෙළුමක් ලෙස  පළ කිරීමට කටයුතු සලසා ඇත.

දැනටමත් 2021 පළමු වෙළුමේ සංස්කරණ කටයුතු පූර්ණ වශයෙන් අවසන් කර ඇත.

2021 දෙවන වෙළුමේ කටයුතු ද බොහෝ දුරට නිම කර තිබුන ද ලිපි කිහිපයක් සඳහා පමණක් තවමත් අවකාශ ඇත. එබැවින්, ඒ සඳහා උනන්දුවක් ඇත්නම්, කරුණාකර අදාළ ලිපි 2021  ජූනි මස 30 වන දිනට පෙර අප වෙත ලැබෙන්න සලස්වන මෙන් ඉල්ලා සිටිමු.

ලිපි එවිය යුතු විද්‍යුත් තැපැල් ලිපිනය පහත සඳහන් පරිදිය: patithaj@gmail.com

සංස්කාරක මණ්ඩලය
2021 මැයි 19

(සිරස්තල ඡායාරුපය: සකී ආරියවංශ, නව දිල්ලිය)

Leave a comment

This website uses cookies to improve your web experience.