කොරෝනා සහ මිනිසා: අවිද්‍යාවෙන් මිදීමට තවමත් ප්‍රමාද නැත
~ පණ්ඩුක කරුණානායක, වෛද්‍ය පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය කොරෝනාව ලංකාව වෙලා ගත් විට, ලංකාව විද්‍යාව තුරුළු කර ගනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් එය ඉතා බොළඳ සිතුවිල්ලක් බව අද වන විට පැහැදිළි ය. අද ලංකාව මිථ්‍යාව තුරුළු කරගෙන ඇත. අවිද්‍යාව ලංකාව වෙලා ගෙන ඇත. මාගේ බොළඳ සිතුවිල්ලට හේතුව මා හුදෙක් විද්‍යාව හැදෑරු, විද්‍යාවේ අගය හඳුනාගත් අයෙකු වීම නිසා බව පැහැදිළි ය. එහෙත් ඊට තවත් හේතුවක් ඇත. ඒ, මා විද්‍යාව හදාරා ඇත්තේ අසම්පුර්ණ ලෙස වීමයි. මිනිසා — මනසින්…