වැඩි විස්තර පරිශීලනයට

ඩල් හා නිගීන් ජලාශ සහ ඒ අවට ජීවත්වන්නවුන්ගේ ජීවිත

~ සකී ආරියවංශ, නව දිල්ලිය 2020 වසරේදී මා විසින් ගන්නා ලද මේ චායාරූප පෙළ පදනම් කරගෙන මා උත්සාහ කරන්නේ, ඉන්දියාවේ කාශ්මීරයේ ඩල් සහ නිගීන් වැව් ආශ්‍රිත ප්‍රදේශයේ යම් දර්ශන සහ ඒ අවට ජීවත්වනවුන්ගේ ජීවිතවලින් බිඳක් පිළබඳ යම් අදහසක් ඉදිරිපත් කිරීමටය. ඒ මූලික වශයෙන් මා දුටු දේ සහ ප්‍රදේශවාසීන් සමග කළ කතාබහ තුළින් මගේ මතකයේ රැඳී ඇති දේ මත පදනම් වෙමින්ය. දැනට දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ මා නිරන්තරවම වසරකට කිහිප වතාවක් කාශ්මීරයට යාම පුරුද්දක් ලෙස කරමි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් මියන්මාරයට යැවූ නිල ලිපිය තුලින් කියවා ගත යුතු ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය

~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා රජය පසුගිය දිනයක මියන්මාරය වෙත යොමු කළ රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් මේ වන විට බෙහෙවින් විවාදයට තුඩුදී ඇත. මෙම ලිපිය යොමුවූයේ 2021 දී පැවැත්වීමට නියමිත බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල සමාරම්භකත්වයේ හෙවත් බිම්ස්ටෙක් හි මේ වසරේ සම්මේලනයේ සත්කාරක රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්ව තිබීමේ සංදර්භය තුළ යි. ලිපිය යොමු කර තිබෙන්නේ, ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන දිනේශ් ගුණවර්ධන විසින්, මියන්මාරයේ මිලිටරි රජය විසින් පත් කර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට