වැඩි විස්තර පරිශීලනයට

පශ්චාත් කෝවිඩ් යුගයේ විශ්වවිද්‍යාල ආශ්‍රිත ඥාන ගවේෂණය හා දැනුම් නිෂ්පාදනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ප්‍රවේශය විඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් එක්ක ලෝකේ අතිවිශාල වෙනස්කම් ඇතිවෙලා තියෙන බව අපි හොඳින් දන්නවා. අපි ඒ වෙනස්කම් මේ මොහොතේත්, අත්විදිනවා. ඒ වෙනස්කම් මානව සබඳතාවල මූලික ස්වභාවයටත් බරපතල බලපෑම් කරලා තියෙනවා. ඒ නිසා, මේ වෙනස්කම් සහ ඒවා එක්ක බැඳිලා තියෙන දේශපාලන ගතික විශ්වවිද්‍යාලවලට විතරක් බලපෑම් නොකරයි කියලා හිතන්න කිසිම හේතුවක් නෑ. නමුත්, ඒ වියහැකි වෙනස්කම් පිළිබඳ ඇතැම් පැහැදිලි ඉඟි මීට පෙර ඇතිවෙලා තියෙන විපර්යාසවලිනුත් පෙන්නුම් කරලා තියෙනවා. මේවා පිලිබඳ අපි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නිර්ලජ්ජිත බව!

~ සසංක පෙරේරා ක්‍රි.පූ. 372 ත් ක්‍රි.පූ. 289 ත් අතර කාලයේ ජීවත් වූ චීන දාර්ශනිකයෙකු වන වන මෙං කේ (ඔහු මෙන්සියස් ලෙස ද හැඳින්වේ) මීට වසර බොහෝ ගණනාවකට පෙර ‘ලැජ්ජාව’ සහ ‘නිර්ලජ්ජිතභාවය’ පිළිබඳ  පැවසූ දේ මෑතක සිට නිතරම මගේ සිහියට නැගේ. ඔහුට අනුව, “මිනිසෙකු ලැජ්ජාවෙන් තොර නොවිය යුතුය. මක්නිසාද යත්, ලැජ්ජාවෙන් තොර වීම ඇත්තෙන්ම ලැජ්ජා සහගත” වීම නිසාය. යම් වැරැද්දක් කිරීම පිළිබඳ ලැජ්ජාවට පත්වීම අනිවාර්යයෙන්ම පුද්ගලයෙකුගේ චිත්තවේගීය හා සදාචාරාත්මක වර්ධනයට පදනම සපයනවා මෙන්ම, ඔහු හෝ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ දර්ශනය හා සමාජ න්‍යාය පිළබඳ කෙටි පුද්ගල නිශ්‍රිත සටහනක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය න්‍යාය සහ දර්ශනය සොයා යෑම ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍රවල තත්ත්වය පිළිබඳව 2021 මාර්තු 28 වන දින සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ පළකර තිබූ මගේ රචනාවේදී, මා ඉස්මතු කළ එක් කරුණක් වූයේ, මෙම පුළුල් විෂය ක්ෂේත්‍රය තුළ විචාරාශීලී න්‍යායාත්මක මැදිහත්වීමක් නොමැති බවත්, ඒ නොමැතියාව මේ සමස්ත ශික්ෂණ ක්ෂේත්‍රයේම දැනුම් නිෂ්පාදනයට අහිතකර ලෙස බලපාන බවත්ය. මේ සමස්ත ගැටළුව පිළිබඳ වඩාත් පුළුල් අදහස් දැක්වීමක් රුහුණ විශ්වවිද්‍යාලයේ 2020 වසරේ නොවැම්දීබර්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කද්රි ඉස්මයිල් පිළිබඳ මතකය: ශ්‍රී ලංකාවේ ජාතිකවාදයේ සීමා

~ රාජන් ෆිලිප්ස්~ පරිවර්තනය: ගීතිකා ධර්මසිංහ, කෝනෙල් විශ්වවිද්‍යාලය   මිනෙසෝටා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි, සංස්කෘතික අධ්‍යයන හා සංසන්දනාත්මක සාහිත්‍යය අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකු වූ කද්රි ඉස්මයිල් පසු ගිය දිනෙක අපෙන් සදහටම සමු ගත්තේය. ඔහුගේ හදිසි මරණය අප තුල ඇති කරන්නේ කම්පනයකි. තවත් ශ්‍රී ලාංකික ශාස්ත්‍රඥයෙකු, ලේඛකයෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු මෙසේ අකාලයේ අප හැර යන්නට ගොසිනි. ලංකාවේ දේශපාලනය ඉංග්‍රීසියෙන් කියවන සියලු දෙනාම පාහේ කද්රි ඉස්මයිල් හඳුනති. ඔහුගේ ලිවීම්වලින් පරිභාහිරව, මා ඔහුව දැන සිටියේ ඉතා අල්ප වශයෙනි. මට ඔහුව මුණගැසී ඇත්තේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලකී සේනානායක, දිය බුබුල සහ අදහස් පිළබඳ භූ දර්ශනය

~ ඩේවිඩ් රොබ්සන්, වාස්තුවිද්‍යාව පිළබඳ විශ්‍රාමික මහාචාර්ය, බ්‍රයිටන් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය කලා ශිල්පී ලකී සේනානායක දිගු අසනීපයකින් පසු 2021 මැයි මස අවසානයේදී මිය ගියේය.1937 දී උපත ලැබූ ඔහුගේ පියා වැවිලිකරුවෙකු හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ රෙජිනෝල්ඩ් සේනානායකය. බ්‍රිතාන්‍යයන් විසින් රෙජිනෝල්ඩ් සේනානායකව ඉන්දියාවේදී සිය දේශපාලන ක්‍රියාකාරකම් නිසා සිරගත කරනු ලැබූ අතර, ලකී සේනානායක ට වයස අවුරුදු දහය වන විට හෙතෙම මිය ගියේය. ඉන් පසු ඔහුව හදාවඩා ගැනීමේ වගකීම පැවරුනේ, 1947 දී ශ්‍රී ලංකාවේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය සංක්‍රමණික ප්‍රජාව දෙස ලාංකිකයින් බලන ආකාරය යෝග්‍ය ද?

~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ කෝවිඩ් වෛරස් තත්ත්වය බරපතල වෙමින් පවතී. වෛරස ව්‍යාප්තියේ වේගය හේතුවෙන් ආසාදිතයන්ට අවශ්‍ය තරම් සෞඛ්‍ය පහසුකම් සපයා දීම අභියෝගත්මක වී තිබේ. රටක් ලෙස ඉතා අසීරු සමයක් පසු කරද්දී, මෙකී තත්ත්වය සමනය කර ගැනීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග දෙස රටවැසියන් ඉතා උනන්දුවෙන් බලා සිටී. එසේම, තනි තනිව හෝ ස්වේච්ඡා කණ්ඩායම් වශයෙන් හෝ නොයෙකුත් පුද්ගලයින් කෝවිඩ් මර්දනයට සහයෝගය දීම ද හැකි පමණ සිදු කරයි. රජයටත් රට තුළ රැඳී සිටින ශ්‍රී ලාංකික…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පුද්ගලික ඉතිහාසමය තොරතුරු සමාජ විද්‍යා ‘දත්ත’ ලෙස

~ සූසන් විශ්වනාදන්, ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය~ පරිවර්තනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය සංස්කෘතික අධ්‍යයන මගින් අන්‍යයන්ගේ චරිතාපදාන එකතු කරන්නට අපව උනන්දු කළ ද,  යම් කතාන්දරයක් පැවසීමට, සමාජ විද්‍යාත්මක කරුණු රැස් කිරීමට සහ දත්ත සාමාන්‍යකරණය කිරීමේ අරමුණින් අපේම ජීවිත ඉතිහාස ගොනුකිරීමට හෝ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට සමාජ විද්‍යාඥයින් වශයෙන් අපි බොහෝ විට බිය වෙමු. අනෙක් අයගේ ජීවිත අපගේ ජීවිතයට වඩා පාරිශුද්ධත්වයෙන් අඩු යැයි අපි සිතන්නේ කෙසේද? ස්ත්‍රීවාදය මගින් පෞද්ගලිකත්වය දේශපාලනික වන බව වඩාත්…
වැඩි විස්තර පරිශීලනයට