වැඩි විස්තර පරිශීලනයට

ලංකාවේ අධ්‍යාපනය සහ පාවුලෝ ෆ්රෙයිරේ ගේ අධ්‍යාපනයේ බැංකුකරණ ක්‍රමය

~ අනුශ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය සමාජයක දිශානතිය තීරණය කරන්නේ එම සමාජයේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය මිලිටරිකරණයට සහ වාණිජකරණය ට බඳුන්වෙමින් පවතින වර්තමාන ලංකාව තුළ අධ්‍යාපනය පිළිබඳ සංවාදවල විශේෂ වැදගත්කමක් ඇත. වර්තමාන ලංකාවේ පවතින  අර්බුධකාරී තත්ත්වය දෙස බැලූ විට පෙනී යන්නේ, අධ්‍යාපන ක්‍රමය විසින් එහි කාර්ය භාරය නිසියාකාරව ඉටුකර නොමැති බවකි. එමෙන්ම යුද්ධ, විවිධ අවස්ථාවල ඇතිවූ අතිශය විනාශකාරී ප්‍රචණ්ඩත්ව සහ ඒවාට ප්‍රතිචාර ලෙස රාජ්‍ය විසින් සිදුකරන ලද මර්දනය කිරීම් මෙන්ම මිනිස් ඝාතනද අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතාවලින් වියුක්ත ඒවා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පීතෘමූලික විකල්ප දේශපාලනයේ පුරුෂ නොවන නියෝජනය[1]

~ අරුණි සමරකෝන් මම කැමතියි මගේ කතාව කියන්න. මගේ කතාව කේන්ද්‍ර වන්නේ, පීතෘමූලික සමාජයක ගොඩනැගෙන විකල්ප දේශපාලන ප්‍රවාහයේ පුරුෂ නොවන සංකේතය තුළය. අනුෂ්කා කහඳගමගේ ‘ලංකාවේ විකල්ප දේශපාලනය සදා විකල්පයක් ද?’ සහ ක්‍රිෂාන් සිරිවර්ධන ‘‘විකල්පය’ ද විකල්පයද?’ යනුවෙන් පළකල ලිපි දෙක කියවීමෙ න් පසුව මම මගේ ආඛ්‍යානය ලියමි.  එම ආඛ්‍යානය තුළදී අපේක්ෂා කරනුයේ, වාර්ගික කේන්ද්‍රීය හා පීතෘමූලික ශ්‍රී ලංකා විකල්පය තුළ පුරුෂ නොවන දේශපාලන නියෝජනය අර්ථකථනය කිරීම පිලිබඳ මගේ කතාව අවධාරණය කිරීමය. ඒ අනුව, සමස්ත ලිපිය…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘විකල්පය’ ද විකල්පය ද?

~ ක්‍රිෂාන් සිරිවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය මෙම කෙටි ලිපිය  අනුෂ්කා කහඳගමගේ විසින් පඨිත වෙබ්  අඩවියට ‘ලංකාවේ විකල්ප දේශපාලනය සැමදා විකල්පයක් ද’ යන මැයෙන් ලියූ ලිපිය මගින් ඉස්මතු කරන කරුණු පිළිබඳව සංවාදයක් ඇති කිරීමේ අරමුණෙන් ලියවෙන්නකි. ශ්‍රී ලංකාවේ ‘විකල්ප දේශපාලන’ ප්‍රවණතා පිළිබඳව අනුෂ්කා කහඳගමගේ විසින් සිදු කරන සියුම්  නිරීක්ෂණ මෙන් ම  විවේචන ද සමකාලීන මොහොත අවබෝධ කරගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වේ. විකල්ප දේශපාලනය පිළිබඳ  සිදුකරන විවේචන, අධිපති දේශපාලන කතිකාව විවේචනය කිරීමට වඩා ප්‍රහාරයන් ට ලක් විය හැකි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාවේ විකල්ප දේශපාලනය සදා විකල්පයක් ද?

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය, ඩුනෙඩීන්, නවසීලන්තය ලංකාවේ මෑත කාලීන මැතිවරණ දෙස බැලූ විට පෙනී යන්නේ ලංකාවේ විකල්ප දේශපාලනය ට ජනතා නියෝජන ක්‍රමය තුළ කිසිඳු කැපී පෙනෙන සළකුණක් සටහන් කිරීමට නොහැකිව ඇති බවයි. ඒ තබා, විකල්ප දේශපාලන කණ්ඩායම් තුළ හෝ ඒවා අතර ප්‍රගතිශීලී සංවාද ගැඹුරු මට්ටමකින් ඇතිවන බව ද පෙනී යන්නේ නැත. මිලිටරිකරණය වූ සහ ජනතා පීඩාකාරී රාජ්‍ය යාන්ත්‍රණ ඇතිවීමේ වගකීමෙන් කොටසක් මෙම විකල්ප දේශපාලන කණ්ඩායම් විසින් ද දැරිය යුතු වෙයි. මේ විශ්ලේෂණය සියලු විකල්ප…
වැඩි විස්තර පරිශීලනයට