වැඩි විස්තර පරිශීලනයට

‘ඊනියා’ මහජනතාව සහ ‘ඊනියා’ ‘බුද්ධිමතුන්’

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය අරගල ඔස්තාද්ලා විසින් මෙරට දැනට පවතින තත්ත්වය ඉතාම බැරෑරුම් ලෙස විග්‍රහ කරති. ඒ විග්‍රහ කිරීම් විවිධ මාන ඔස්සේ පැතිර යයි. අරගලය කළ යුත්තේ කෙසේ ද, අරගලය සිදුවන්නේ කුමක් නිසා ද සහ අරගලය කරන්නේ කවුද යන්න ගැන ඔවුහු විවිධ මාධ්‍ය ඔස්සේ තම විදග්ධ අදහස් සමාජගත කරමින් සිටිති. පසුගිය දිනක, පඨිත වෙබ් අඩවියේ පළවූ ලිපියකට අනුව අරගල කරන ජනතාව ‘ඊනියා’ මහජනතාව, ‘ඊනියා ජහමනයා’ සහ ‘ඊනියා බහුජනයා’ ලෙස හඳුන්වා තිබුණි. ඒ ලිපියේ ප්‍රධාන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්

~ බූපති නලින් වික්‍රමගේ අප්‍රේල් සිදුවීම් සිදුවෙමින් පවතී. නිසැකවම මෙය ලංකාවේ දේශපාලන සංධිස්ථානයකි. ඒ අර්ථ කීපයකිනි. ඉන් එකක් ඊනියා නිදහසින් පසු ලංකාවේ බිහිවූ ශක්තිමත්ම දේශපාලන දෘෂ්ටිවාදයක් සහිත රාජපක්ෂ බල-හවුල බරපතළම දේශපාලන අභියෝගයකට ලක් වූ අවස්ථාව වීමයි. කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ව්‍යාපෘතියකට පරාජය කල නොහැකිව තිබූ රාජපක්ෂ දේශපාලනය තීරණාත්මක අභියෝගයකට ලක් වී ඇත. මෙය ඉබේ සිදු වූවක්ද? නැතහොත් ස්වයං මහජන? නැගිටීමක්ද?  එසේම 2022 අප්‍රේල් වනවිට ලංකාව කෙදිනකවත් මුහුණ නොදුන් බරපතළ දේශපාලන – ආර්ථික අර්බුදයකට අභිමුඛ වී…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ගෝඨාගෝගම අවකාශය හා විරෝධාකල්පී දේශපාලනයේ හැඩය

~ සචිනි ගීතාංජලී, කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසියා, අරගලය හා රාජ්‍යය යන පද මේ මොහොතේ ඉතා පුළුල් ආකාරයෙන් ශ්‍රී ලාංකේය සමාජය තුළ සාකච්ජා වෙමින් පවතින පසුබිමක, විරෝධාකල්පී දේශපාලනයේ නව මානයක් වශයෙන් ගෝඨාගෝගම හඳුන්වා දිය හැකිය. එහි අනුශාඛා ගණනාවක් දිවයින පුරා නිරාවරණය වෙමින් නිර්මාණය වේ. අරගලයට සහභාගී වෙමින් හා නිරීක්ෂණය කරන ලද අත්දැකීම් ඔස්සේ ගෝඨාගෝගම හුදෙක් ගම්මානයක් ලෙස නොව, එය අවකාශීය වෙනස්වීමක් වශයෙන් මෙතැන් සිට හැදින්වීම වඩාත් සාධනීය බව මගේ අදහසයි. අගනගරයේ ඉතා ආරක්ෂිත, වාණිජමය වටිනාකමකින් යුත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ප්‍රජාතන්ත්‍රවාදය යනු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පමණ ද?

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය   අරගලයේ ශක්තිය මිනිසුන් විසින් පෙන්වා දෙමින් සිටින මොහොතක මේ සටහන ලියමි. පවතින සටන් පාඨ අභියෝගයට ලක්කිරීමේ වරප්‍රසාදය මට ඇති බව මම නොසිතමි. ඒ වෙනුවට, ඒ සටන් පාඨ ප්‍රවාහයට එක්වෙමින්, සියල්ලන්ගේ ම සටන් පාඨවලට මගේ සටන් පාඨ මුසු කිරීමට සිතමි. එමෙන්ම, ජන මනස තුළ පාලකයා විසින් ගොඩ නඟන ලද මිලිටරි රාජ්‍ය පිළිබඳ අදහස අභියෝග කිරීම මාගේ සටන් පාඨවල මූලික අරමුණක් වනු ඇත. මේවා ‘මාගේ’ සටන් පාඨ ලෙස හැඳින්වුවත්, එම සටන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ නැවත සිතා බැලීමක්

~ අහිලන් කදිරගාමර්, යාපනය විශ්වවිද්‍යාලය ~ පරිවර්තනය – රමිඳු පෙරේරා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය [ඉංග්‍රීසි බසින් කළ මුල් සම්මුඛ සාකච්ඡාව ප්‍රථමයෙන් පළවූයේ 2022 පෙබරවාරි 28 දින Himal South Asian සගරාවේය] පසුගිය මාස කිහිපය තුල ශ්‍රි ලංකාවේ උත්සන්න වෙමින් තිබෙන ආර්ථික අර්බුදය පිලිබඳ කලාපීය හා ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුවනු දක්නට ලැබුණි. මේ බොහෝ මාධ්‍ය ආවරණයන්ගේ අවධානය යොමුව තිබුණේ විදේශ ණය බර, බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා උවමනා කෙරෙන විදේශ විනිමය සංචිත හිඟවීම ආදී වූ අර්බුදයේ ප්‍රකාශිත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අරගලය ගැන 2

~ අනුශ්කා කහඳගමගේ මේ වන විට අරගලය ගැන විවිධ මත පළවෙමින් පවතී. ඉන් ප්‍රධානම චෝදනාවක් වන්නේ, අරගලයට නායකයෙකු නොමැති බවයි. ඊයේ දිනයේ අප සමඟ කතාවට පැමිණි එක් පුද්ගලයෙක් අපෙන් ඇසුවේ “දැන් ඔයාල හිතන විදියට රටේ නායකයා වෙන්න ඕන කවුද?” යනුවෙනුයි. අපගේ පිළිතුර වූයේ, කිසිඳු පුද්ගලයෙක් තරු බවට පත්කිරීමට මෙම අරගල කරුවන්ට වුවමනාවක් නොමැති බවයි. අපෙන් ප්‍රශ්නය ඇසු පුද්ගලයා රාජ්‍යයේ නිල හෝ නොනිල තෝල්කකරුවෙකු බව මාගේ අදහසයි. ඔහුට අවශ්‍යව තිබුණේ අරගලය දේශපාලනික පක්ෂයක ග්‍රහණයේ තිබෙන්නේදැයි යන්න…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ප්‍රායෝගික සටන් පාඨ  ටිකක් හොයා ගමු

~ චාන්දිමා නානායක්කාර ඇත්ත කතාව තමයි අපිට මේ 225ම එපා කියන එක ‘Gohomegota’, ‘Go home 225’ වගේසටන් පාඨ  කියලා අපි කෑගහල, බැරි වෙලාවත් එයාල ඔක්කොම ගියා කියමුකො. ඊලග චන්දෙ තියන්නෙ ඔබද? මමද? ඇත්තටම අලුත් තරුණ නායකත්වයක් ඕන තමයි. එකේ කතා දෙකක් නෑ. ඒත්, කෝ කව්ද දැනට මේ වැඩේ කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ? ඒක නිසා, අපි පොඩ්ඩක් පැහැදිලිව රට හදන පැත්තෙ ප්‍රායෝගික සටන් පාඨ  ටිකක් හිතමුද? මගේ එතරම් දේශපාලන අත්දකීමක් නැති මොලේට (වෙන අයගේ අදහස් ඇතුලුව)…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ජන අරගලය ගැන …

~ අනුෂ්කා කහඳගමගේ මේ මොහොතේ මදක් නැවතී මේ තත්ත්වය විශ්ලේෂණය කිරීමට තරම් වරප්‍රසාද සහිත තත්වයකට මා ඔසවා තැබුවාට නිදහස් අධ්‍යාපනයට සහ ඒ වෙනුවෙන් බදු ගෙවූ ජනතාවට ප්‍රථමව ප්‍රණාමය පුද කරමි. විශාල සමාජ විපරිවර්තනයක අංකුර මතුවෙමින් පවතින මේ මොහොත, ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් මෙන්ම වෙනස්ම ආකාර සන්ධිස්ථානයක් ලෙස දකිමි. ඒ මොහොත තුළ බොහෝ ධනාත්මක දේ ඇති අතර, ඒ ධනාත්මක දේ තවත් ප්‍රගතිශීලී මාවත් කරා යොමුකළ යුතුව ඇත. ඉතාම දීර්ඝ කාලයක් ජාති ආගම්, කුල මල, ස්ත්‍රී පුරුෂ…
වැඩි විස්තර පරිශීලනයට