වැඩි විස්තර පරිශීලනයට

කාන්තාව දේශපාලනයේ සහභාගී වීම සහ පුරුෂ මූලික පන්ති අරගල

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය පසුගිය දිනක කාන්තාව අරගලය තුළ සහභාගිවීම පිලිබඳව පැවැත්වූ සාකච්ඡාවක අශිලා නිරෝෂිනී දන්දෙණිය සොයුරිය ඉදිරිපත්කළ අදහස් ඇසුරින් මෙම සටහන පන්නරය ලබයි. ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය අවම වීම සහ එසේ අවම වීමට හේතු මොනවාද යන්න අශිලා දන්දෙණිය ගේ කරුණු දැක්වීමේ මූලික තේමාවක් බවට පත්විය.  එහිදී ඇය කියා සිටියේ, ලංකාවේ වෘත්තීය සමිති අවකාශ තුළ පවතින ‘පන්ති දේශපාලනය’ මගින්  කාන්තාවට ඒවා තුළ ක්‍රියාකාරී වීම හෝ ස්ථානගතවීම වළක්වා ඇති බවයි. ඒ වෙනුවට, රාජ්‍ය නොවන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාවේ වර්තමාන අර්බුදයේ යටත්විජිත මානය සහ අර්බුදය ගැන බටහිර-නොවන දැනුම් සම්පාදනයේ  ඇති වැදගත්කම

~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය ලංකාවේ අද පවතින අර්බුදය ඇති වීමට හේතු ලෙස අප දැනට බහුලව අර්ථ දක්වන්නේ ‘පසුගිය වසර 74’ ක කාලය තුළ රට අභ්‍යන්තරයේ මතු වූ ආර්ථික, දේශපාලනික සහ සමාජයීය ගැටළුවලට නිසි පිළියම් නොදීම ය. මෙසේ කාලය නිර්ණය කිරීමේ දී, 1948 වසර හෙවත් අප යටත්විජිතකරණයෙන් නිදහස් වූ වසර එක්තරා සලකුණු කාරකයක් ලෙස සලකයි. අර්බුදයට බලපෑ හේතු අතරින් අති බහුතරයක් 1948න් පසුව රට අභ්‍යන්තරයේ ඇති වූ ඒවා බව අවිවාදිත වුව ද, මෙම අර්බුදයට යටත්විජිත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කූරගල සිංහල බෞද්ධ වීර සිංහයා සහ ‘අනෙකා’ට එරෙහි ප්‍රචණ්ඩත්වය

~ අනුශ්කා කහඳගම, ඔටාගෝ විශ්වවිද්‍යාලය ප්‍රතිපත්තිවලින් තොර පුරුෂෝත්තමවාදී හිස් ඡන්ද ව්‍යාපාරවල ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින මොහොතක මේ සටහන ලියමි. ලංකාවේ මෑත කාලීන ඡන්ද ජයග්‍රහණවල ප්‍රධාන භූමිකාවක් රඟපා ඇත්තේ පක්ෂයක් විසින් ඉදිරිපත්කරන දේශපාලන වැඩපිළිවෙල නොව, ඒ වෙනුවට ඉදිරිපත් කර ඇති සිංහල බෞද්ධ පුරුෂ මූලික මිලිටරි ජාතිකවාදයයි. එම පුරුෂ මූලික සිංහල බෞද්ධ ජාතිකවාදයේ වඩාත් පැහැදිලි සහ ආසන්නතම ප්‍රකාශනය වන්නේ කූරගල බෞද්ධ විහාරය සහ ඒ ආශ්‍රිතව ඉදිකර ඇති කූරගල රන් පැහැ සිංහ රුවයි. එදෙස බැලූ බැල්මටම පෙනෙන පරිදි,…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත: සමාජ සංස්කෘතික සමීක්‍ෂා 13 වන වෙඵමේ (2022)  පළමු සහ දෙවන ඒකාබද්ධ වෙළුම් 

පඨිත: සමාජ සංස්කෘතික සමීක්‍ෂා 13 වන වෙඵමේ (2022)  පළමු සහ දෙවන ඒකාබද්ධ වෙළුම්  දැන් අන්තර්ජාල සංස්කරණයක් වශයෙන් ඔබට කියවිය හැක. රටේ පවතින තත්ත්වය නිසා එය මුද්‍රණය කිරීමට දැනට හැකියාවක් නැත. එමගින් පර්යේෂණ රචනා තුනක්, ප්‍රවෙශාත්මක රචනා දෙකක්,  මතිමතාන්තර රචනා දෙකක් සහ ග්‍රන්ථ විමර්ශන පහක් ඉදිරිපත් කෙරේ. පඨිත – 13 වන වෙළුම 2022: පළමු සහ දෙවන එකාබද්ධ කලාප භාගත කරන්න
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත’ සහ අර්බුද සමයක ඥාන සම්පාදනය

2021 වසරේ සිට සංස්කාරක මණ්ඩලයේ සැලසුම වූයේ පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා එක් වෙළුමක් හා සම්බන්ධිත කලාප දෙකක් වශයෙන් වසරකට දෙවරක් ප්‍රකාශයට පත්කිරීමටය. ඒ තීරණයට පැමිණීමේ පදනම වූයේ, වසර හතක නිහැඩියාවකට පසු 2020 දී පඨිත නැවත වරක් පළකිරීම ඇරඹීමත් සමගම ඊට ලැබුන බුද්ධිමය ප්‍රතිචාරය හා උනන්දුවය. එනමුත් 2020 දී මතුවූ කොරෝනා රෝගී තත්ත්වය බරපතල මහජන සෞඛ්‍යය අර්බුදයක් බවට පත්  වූ පසු සහ දැනට මෙරට මුහුණදෙමින් තිබෙන ආර්ථික සහ දේශපාලනික අර්බුද හමුවේ මේ කටයුත්ත මෙලෙසින්ම කිරීම අපහසු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත: අර්බුද සමයක ඥාන සම්පාදනය

පඨිත 12 වන ථවෙළුම (පළමු හා දෙවන ඒකාබද්ධ කලාප, 2021) ජනගත කෙරෙන්නේ දිවයින අතිශයින් ඛේදනීය ආර්ථික, සමාජ සහ දේශපාලනික අර්බුධයකට මුහුණ දී සිටින මොහොතක සහ ඒ අර්බුදයට එරෙහිව විශාල ජන අරගලයක් ද මතුවී තිබෙන අවස්තාවකය. එම අර්බුදය සෑම ක්‍ෂේත්‍රයක් කෙරෙහිම තීව්‍ර ලෙස බලපෑම් කතර ඇති කර   ඇති අතර, අන් බොහෝ දේ මෙන්ම කඩදාසි සහ මුද්‍රණ තීන්ත හිඟ වීම හේතුවෙන් ප්‍රකාශන කර්මාන්තය ද සම්පුර්ණයෙන්ම පාහේ අකර්මණ්‍ය වී ඇත. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් තුළ ශාස්ත්‍රාලීය දැනුම් සම්පාදනය මුහුණ…
වැඩි විස්තර පරිශීලනයට