වැඩි විස්තර පරිශීලනයට

‘ඊනියා’ නිර්පාක්ෂික අරගලකරුවෝ සහ අවසාන නොවූ විප්ලවය

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය 2022 ජූලි 26 දින ප්‍රතිවාද වෙබ් අඩවියේ පළවූ ‘රනිල ශාකයේ ශාපය’ නමැති ලිපිය කියවීමෙන් පසු මෙම කෙටි සටහන තබමි. එම ලියුම් කරුවා (හෝ ලියුම් කරුවන්) සඳහන් කරන ආකාරයට, 2022 ජූලි 9 වනදා අතිමහත් බලයක් සහිත විධායක ජනාධිපතිවරයා මහජන නැගිටීමක් හරහා බලයෙන් නෙරපා හැරීම විප්ලවයක් නම්, ඊට ප්‍රතිපක්ෂව බලහත්කාරයෙන් බලයට පත්වූ නව ජනාධිපතිවරයා ඉතාම කෘර ලෙස ගෝල්ෆේස් අරගල බිමට එල්ලකළ ප්‍රහාරය ‘ප්‍රතිවිප්ලවයකි.’ ලිපියේ සාරාංශය වන්නේ, එසේ දියත්කළ ‘ප්‍රති-විප්ලවයත්’ ඒ හේතුවෙන් ‘විප්ලවයේ/අරගලයේ’…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘වික්‍රමසිංහ ආකෘතිය’ සහ ශ්‍රී ලංකාවේ නව දේශපාලනික විකෘතිතා

~ සචිනි ගීතාංජලී, දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන්නේ දේශපාලන විපරිවර්තනයක් හෝ නව අවස්ථාවක් යනුවෙන් දේශපාලනික විග්‍රහයක යෙදෙන්නේ නම්, එය මෑත දශකයේ වඩාත් ජනප්‍රියම හාස්‍යයෝත්පාදන විශ්ලේෂණය ලෙස හැදින්වීම තර්කානුකූලය. මන්ද යත්, පසුගිය දින කිහිපයේ සිට ශ්‍රී ලංකාවේ දේශපාලනික ජවනිකාව වෙනස් මුහුණුවරකින් සමාජය හමුවේ තිරගත වෙමින් පැවතිය ද එය දේශපාලනික වෙනසක් හෝ විපරිවර්තනයක් වෙනුවෙන් ගොඩ නැගෙන්නක් නොව, දේශපාලනික විකෘතිතා (political distortions) පිළිඹිඹු වන අවස්ථාවක් වශයෙන් අරුත් ගැන්වීම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

මහජන නැගීසිටීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් වේද?

~ අරුණි සමරකෝන්, රුහුණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විධායක අවකාශය තුළට, මහජනයා දේශපාලන බලවේගයක් ලෙසින් ඍජුවම ප්‍රවේශ වීම සංකේතාත්මකව සනිටුහන් කරනු ලැබුවේ ජුලි 09 වැනි දින, ජනාධිපති  ලේකම් කාර්යාලය සහ කොටුව ජානාධිපති මන්දිරය මහජනයා විසින් අත්පත් කරගැනීමෙනි. මෙම මහජන නැගී සිටීම, දාමරික පාලනයක් (mobocracy)  හෝ ත්‍රස්තවාදී නැගීසිටීමක් ලෙස ශ්‍රී ලංකා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් නම් කිරීම සමාජ මාධ්‍යයෙහි දැක ගත හැකිවිය. මෙම ලිපිය ලිවීමේ මූලික අරමුණ නම්, 2022 ජුලි 09 වැනි දින සිදුවූ මහජන නැගී සිටීම යනු…
වැඩි විස්තර පරිශීලනයට