සිංහල භාෂා සාහිත්‍ය විෂයක විචාර සංකථන: නිර්මාණකරණය හා විචාරය
~ සරත් විජේසූරිය, සිංහල අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශය මගින් සංවිධානය කරන 2022 වාර්ෂික පර්යේෂණ සැසියට අදාළ කරගෙන තිබෙන විෂය ක්ෂේත්‍ර සතරින් එකක් වන ‘සාහිත්‍ය නිර්මාණය හා විචාරය’ යන්න පදනම් කරගෙනයි මා මේ දේශනය පැවැත්වීමට අදහස් කළේ. සෑහෙන කාලයක සිට නිර්මාණකරණයේ ද, ඊට සමාන කාලයක් තිස්සේ සාහිත්‍ය විචාරයේ ද නිරතව සිටින කෙනකු ලෙස මගේ අදහස් කීපයක් ඉදිරිපත් කරන්නයි මං කල්පනා කරන්නේ. නිර්මාණකරුවා සහ විචාරකයා අතර ‘සාධනීය හා යහපත්’ සම්බන්ධතාවක් නැති බැවින් නිර්මාණය…