සංස්කෘතික විචාර

සංස්කෘතික විචාර
පඨිත සංස්කාරක

හෘද සාක්‍ෂ්‍යයේ කවි

සුදුසිංහ, සඳරැසි. ගිනි වැදුණු පියාපත්, 2021 (ජූලි 31 වනදා පළවීමට නියමිතය). කොහුවල: විදර්ශන ප්‍රකාශන සමාගම. පිටු 202, ISBN: 978 624 5546 01 5; මිල: රුපියල් 500.00. ——— ~ විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අප සාමාන්‍යයෙන් කියවන බොහෝ තත්කාලීන කවි එකතු හා සසඳා බලන කල, සඳරැසි ප්‍රියත්මා සුදුසිංහගේ කවි  අනූනවයකින් සමන්විත මේ එකතුව තේමාව සම්බන්ධයෙන් බෙහෙවින් අසාමාන්‍යය වේ.  තේමා බහූත්වයක් වෙනුවට ඇයගේ ග්‍රස්තිය (obsession) සම්පූර්ණයෙන්ම යොමු වී ඇත්තේ, 1981 වසරේ  මැයි 31 සිට ජූනි 2
Read More »
සංස්කෘතික විචාර
පඨිත සංස්කාරක

හංස විලක්: යළි පිරික්සුම සහ රේඛා අතර කියැවීම

~ආරි ආරියරත්න, කොලෙජ් ඔෆ් ඩුපේජ් සහ හාට්ලන්ඩ් කොමියුනිටි කොලෙජ්, ඉලිනොයි, ඇමරිකා එක්සත් ජනපද ධර්මසිරි බණ්ඩාරනායක ගේ පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය ලෙස තිර ගත වූ හංස විලක් (1980) සිනමා පටය මා නැරඹුවේ මීට හතළිස් වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දී ය. මෑතක දී මෙම සිනමා පටය නැවත නරඹන්නට මට අවස්ථාව උදා වූයේ එහි සංරක්‍ෂණය කළ පිටපත (digitally restored copy) ශ්‍රී ලංකාවේ නැවත තිරගත කිරීමට සමගාමී ව එය අන්තර්ජාලය මගින් නරඹන්නන් සඳහා ද නිකුත්
Read More »
සංස්කෘතික විචාර
පඨිත සංස්කාරක

සහෝ: ශ්‍රී ලාංකික විදග්ධ පාඨකයා ගේ අවධානයට යොමුවිය යුතු නව කතාවක්

ඇතුගල, ආරියරත්න. සහෝ.  නුගේගොඩ: සරසවි ප්‍රකාශන. 2020. පිටු 227, ISBN: 9789553121165; මිල: රුපියල් 375.00. _________________________ ~ ආරි ආරියරත්න ~ පරිවර්තනය: උපසේන හේවගේ සහෝ මහාචාර්ය  ආරියරත්න ඇතුගල ගේ නිර්මාණ කෘතියකි. එමෙන්ම, එය මේ වන විට චිත්‍රපටයක් වශයෙන් ද නිෂ්පාදනය වී තිබේ. ලේඛකයෙකු සහ නාට්‍යකරුවකු වශයෙන් මීට ඉහත දී ද ඇතුගල  සිය කුසලතා සහ දස්කම් දැක්‌වූවෙක් බව අප දන්නා කරුණකි.  මේ කතාවට පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසියම් විශ්වවිද්‍යාලයක සිසු කණ්ඩායමක ක්‍රියාකාරකම් හා අත්දැකීම් ය. එහි ප්‍රධාන පාත්‍ර
Read More »
සංස්කෘතික විචාර
පඨිත සංස්කාරක

‘උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා: නිරෝධායන අඩස්සියේ හිඳ ලියූ පදවැල්’

විමර්ශනය: සඳරැසී  සුදුසිංහ විද්‍යුත් තැපෑලෙන් මා  ලද මුල්ම කවි පොත වන ‘උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා:   නිරෝධායන අඩස්සියේ හිඳ ලියූ පදවැල්’ නම් කාව්‍ය සංග්‍රහය  සමාජ විද්‍යාඥයෙකුගේ හදවත දෙබෑ කරමින් මතුවූ කවි පෙති රැසකින් සමන්විතය. ඉහල පරිකල්පන ශක්තියකින් මෙන්ම නිර්මානශීලිත්වයකින් ද අනූන විද්වත් මනසකට දාව උපන් මේ කවි සමාජ විද්‍යාඥයෙකුගේ දැනුම් සම්භාරය හා විමසුම් ඇස සමාජයේ අස්සක් මුල්ලක් නෑරම සැරිසරන වගට තවත් එක ලකුණකි. ආර්ථික, සමාජයීය, සංස්කෘතික , ආගමික යන ඕනෑම පසුබිමක ඔහුට අහුලන්නට, එක්රැස්
Read More »
Uncategorized
පඨිත සංස්කාරක

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව
Read More »
සංස්කෘතික විචාර
පඨිත සංස්කාරක

අහිලන් ගේ කවි සිංහලෙන් කියවීමට ඇති නොහැකියාව ගැන ….

Ahilan, Then There Were No Witnesses: Poems, translated by Geetha Sukumaran (අහිලන්, එවිට සාක්ෂිකරුවෝ නොසිටියහ: කවි, ඉංග්‍රීසි පරිවර්තනය ගීතා සුකුමාරන් විසිනි). ටොරොන්ටෝ: මවෙන්සි හව්ස් ප්‍රකාශන සමාගම, 2018. පිටු: 117. ISBN 978-1-988449-35-7. මිල: කැනේඩියානු ඩොලර් 24.95  (මෘදු කවරය සහිතව). විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා පක්‍යනාදන් අහිලන් කවියෙකු බව මීට සති කිහිපයකට පෙර වන තුරු දැන සිටියේ නැත. මා ඔහු දැන සිටියේ කලා ඉතිහාසඥයෙකු වශයෙනි. ඒ මූලික වශයෙන් මීට දොළොස් වසරකට පමණ පෙර පඨිත සාර
Read More »