දේශපාලන සටහන

දේශපාලන සටහන
පඨිත සංස්කාරක

කෝවිඩ් එන්නත්කරණයේ දේශපාලනය: පුද්ගලික අත්දැකීමකින් ඔබ්බට

~ අනුෂ්කා කහඳගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සයිනොෆාම් එන්නත ලබා ගැනීම සඳහා මා ජීවත්ව සිටින ප්‍රදේශයට ආසන්න එන්නත්කරණ මධ්‍යස්ථානයට පිවිසුනේ උදෑසන මිට දින කිහිපයකට පෙර උදෑසන 10.00 ට පමණය. ඒ වන විටත් එහි දිගු පෝලිමක් දකින්නට ලැබුණු අතර, එන්නත් කිරීම සිදුවන බව මට දැනගන්නට ලැබුණේ ඊට පැය භාගයකට පමණ පෙරයි. එන්නත ලබා දීම පිලිබඳ කිසිඳු විධිමත් මට්ටමේ දැනුවත් කිරීමක් ඒ වන විටත් සිදුවී නොතිබුණි. කෙළවර සොයාගත නොහැකි තරම් දිගු වූ පෝලිමක අවසාන කොණට මා එක් වුණෙමි.
Read More »
දේශපාලන සටහන
පඨිත සංස්කාරක

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා
Read More »
දේශපාලන සටහන
පඨිත සංස්කාරක

“හිටලර් සරණං ගච්චාමි”

~ සසංක පෙරේරා දිලුම් අමුණුගම යන දේශපාලන නායකයා මෙරට ජනාධිපතිවරයා ගෝලීය යුද අපරාධකරුවෙක් වන ඇඩොල්ෆ් හිට්ලර් මෙන් විය යුතු යැයි මෑතකදී ප්‍රසිද්ධියේ පවසා තිබුණි. එය ඔහු ඉදිරිපත්කර තිබුනේ හුදෙක් ඔහුගේ අදහසක් පමණක් වශයෙන් නොව, සමස්ථ මහජනතාව ද වෙනුවෙනි. වඩාත් පැහැදිලිව ඔහු පවසා තිබුනේ, මහජනතාව විසින් ජනාධිපතිවරයාව තම ඡන්දයෙන් පත්කරගත්තේ ඒකාධිපතියෙකු සේ වැඩකිරීමට බවත්, අවශ්‍ය  වැඩකටයුතු සාර්ථකව කරගෙන යාමට නොහැකි වුව හොත්, ඔහු හිට්ලර් කෙනෙකු වියයුතු බවත්ය. මේ අදහස් දෙකම අතිශයින් ගැටලුකාරී බව පැහැදිලිවිය යුතුය. මා
Read More »
දේශපාලන සටහන
පඨිත සංස්කාරක

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්
Read More »
Uncategorized
පඨිත සංස්කාරක

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ
Read More »
දේශපාලන සටහන
පඨිත සංස්කාරක

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ
Read More »