වැඩි විස්තර පරිශීලනයට

පඨිත:සමාජ සංස්කෘතික සමීක්‍ෂා – 14 වන වෙඵම (2023) 

දැන් අන්තර්ජාල සංස්කරණයක් වශයෙන් ඔබට කියවිය හැක. රටේ පවතින තත්ත්වය නිසා එය මුද්‍රණය කිරීමට දැනට හැකියාවක් නැත. එමගින් ආචාර්ය මාලතී ද අල්විස් ගේ පර්යේෂණ රචනා හයක පරිවර්තන, ඇය සමග කළ සම්මුඛ සාකච්චාවක් හා ඇයගේ ශාස්ත්‍රීය මෙහෙවර පිළිබඳ කෙටි හැඳින්වීමක් ද ග්‍රන්ථ විමර්ශන හතරක් ද ඉදිරිපත් කෙරේ. පඨිත – 14 වන වෙළුම 2023: භාගත කරන්න
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත: සමාජ සංස්කෘතික සමීක්‍ෂා 13 වන වෙඵමේ (2022)  පළමු සහ දෙවන ඒකාබද්ධ වෙළුම් 

පඨිත: සමාජ සංස්කෘතික සමීක්‍ෂා 13 වන වෙඵමේ (2022)  පළමු සහ දෙවන ඒකාබද්ධ වෙළුම්  දැන් අන්තර්ජාල සංස්කරණයක් වශයෙන් ඔබට කියවිය හැක. රටේ පවතින තත්ත්වය නිසා එය මුද්‍රණය කිරීමට දැනට හැකියාවක් නැත. එමගින් පර්යේෂණ රචනා තුනක්, ප්‍රවෙශාත්මක රචනා දෙකක්,  මතිමතාන්තර රචනා දෙකක් සහ ග්‍රන්ථ විමර්ශන පහක් ඉදිරිපත් කෙරේ. පඨිත – 13 වන වෙළුම 2022: පළමු සහ දෙවන එකාබද්ධ කලාප භාගත කරන්න
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත: සමාජ සං​ස්කෘතික සමීක්​ෂා’ – 12 වන වෙළුම 2021: පළමු සහ දෙවන එකාබද්ධ කලාප

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා 12 වන වෙඵමේ (2021)  පළමු සහ දෙවන ඒකාබද්ධ වෙළුම්  කෝවිඩ් 19 වසංගත තත්ත්වය සහ දැනට මෙරට පවතින ආර්ථික ගැටළු නිසා වසරක පමාවකින් පසු ඔබ අතට පත්වන්නේ අන්තර්ජාල වෙළුමක් වශයෙනි. එය මුද්‍රණය කිරීමට දැනට හැකියාවක් නැත. එමගින් පර්යේෂණ රචනා 4 ක්, එක් ප්‍රවෙශාත්මක රචනාවක්,  එක් මතිමතාන්තර රචනාවක්, එක් සේයාරූ රචනාවක් සහ ග්‍රන්ථ විමර්ශන 5 ක් ඉදිරිපත් කෙරේ. පඨිත – 12 වන වෙළුම 2021: පළමු සහ දෙවන එකාබද්ධ කලාප භාගත කරන්න
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා’ වෙත ලිපි සපයන ලෙස කෙරෙන ආරාධනයයි

විමර්ශිත ද්වී-වාර්ෂික සාර සංග්‍රහයක් වන පඨිත මුද්‍රිත සංස්කරණය සෑම වසරකම ජූලි සහ දෙසැම්බර් මාසවලදී ප්‍රකාශයට පත් කරනු ලැබේ. ජූලි කලාපය (අංක 1, ජූලි) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනයඅදාල වසරේ මාර්තු 31 වනදාය. දෙසැම්බර් කලාපය (අංක 2, දෙසැම්බර්) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය අදාල වසරේ අගොස්තු 31 වනදාය. පඨිත අන්තර්ජාල සංස්කරණයට ඕනෑම අවස්ථාවක ලිපි ඉදිරිපත් කළ හැක.  ඒවා විමර්ශන හා සංස්කරණ  ක්‍රියාවලියෙන් පසු, අවකාශ ඇති සෑම විටකම පඨිත වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ඇත. පඨිත සංස්කාරක මණ්ඩලය කොළඹ2022
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලජ්ජා-බය, සදාචාර පාලනය සහ ‘හතේ අපේ පොත’

කෞෂල්‍යා ආරියරත්න – පිවිසුම සමාජය තුළ කිසියම් සිවිල් බලයක් අත්පත් කොට ගෙන සිටින භික්ෂුවක් විසින් සිදු කරන ලද පුවත්පත් සාකච්ඡාවක් හේතුවෙන්, රජය විසින් සිසුන් අතට පත් නොකොට යළි කැඳවන ලද ‘හතේ අපේ පොත’ නම් වූ සිසු අතිරේක කියවීම් පොත ගැන මේ මොහොතේ රට පුරා කතිකාවක් ඇති වී තිබේ. මෙම කතිකාව සමාජගත වීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසා ය: 1) ඉන් පළමුවැන්න නම්, නීතියේ අසමත්භාවය ද, සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳ දෘෂ්ටිවාදයන් ද, ලජ්ජාව හා බිය යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශාන්ත ඔගස්ටීන්ගේ ‘පාපොච්චාරණ’ සහ යුස්ටේන් ගාඩර්ගේ ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්’ සංසන්දනාත්මකව කියැවීමේ මූලික වෑයමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ———- විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ මොකද්ද ඔය පාපකාරී කියන දේ තේරුම බිෂොප් තුමනි? මොකද්ද ඔය දරුණු නැත්තම් පුහු කියන එකේ තේරුම? ඔයා ඔය විදියට පිළිකෙව් කරන හැම දේම අපිව දෙවියන් වහන්සේගෙන් පැහැදිළිවම ඈත් කරන දේ නොවේද? යූස්ටේන් ගාඩර් විසින් රචනා කරන ලද කෙටි නවකතාවක් වන ‘Vita Brevis: A Letter to St Augustine’ සසංක පෙරේරා විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉන්දීය ප්‍රසිද්ධ අවකාශීය චිත්‍ර සම්ප්‍රධායන්

සටහන හා ඡායාරූප: සසංක පෙරේරා – තත්කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ අවකාශය පුරා පැතිර ඇති නොයෙකුත් බිත්ති මත, බැලූ බැල්මට පැහැදිළි තේමාවකට හෝ තේමා කිහිපයකට හෝ සීමා නොවූ, අනේකවිධ පණිවිඩ ගෙනෙදෙන චිත්‍ර ඇඳීමේ ප්‍රවණතාවක් 2019 වසරේ නොවැම්බර් මාසයේ පමණ සිට පැතිර යමින් පවතී. ඒ පිළිබඳ පුලුල් කතාබහක් ද මූලික වශයෙන් අන්තර්ජාලය ඔස්සේ පැතිර යමින් පවතී. මීට යම් දේශපාලනික, පුද්ගලික හා ව්‍යාපාරමය සම්මාදම් වීමක්ද ඇති බව පෙනේ. එනමුත්, මේ පිළබඳ තවමත් ගැඹුරැ හා න්‍යායික වශයෙන් සූක්‍ෂම කියවීමක්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

උත්තර්කාෂිහි ඉපිද ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මගෙහි දිවි නිමාකළ ඉන්දීය සාහිත්‍යධරයා

කපිල එම්. ගමගේ – 2019 නත්තලට දින දෙකකට පෙර දක්ෂිණ අධිවේගීමාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් බහලුම් ප්‍රවාහන රථයක ගැටී අනතුරට පත්විය . එහිදී සිව් දෙනෙක් මිය ගිය අතර, එයින් තිදෙනෙක් ඉන්දියානුවන් ලෙසයි මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියානුවන් තිදෙනා එකම පවුලක අය බවත්, ඔවුන් පියා, දියණිය හා මුණුපුරා වූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනු ලැබීය. එහෙත් මාධ්‍ය සොයා නොබැලූ එක් කාරණයක් තිබුණි. මෙසේ මියගිය ඉන්දියානුවා කවුද යන්න අද වෙනතුරුත් මාධ්‍ය විසින් සදහන් කර නැත. නමුත් මෙසේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට