වැඩි විස්තර පරිශීලනයට

ගෝඨාගෝගම අවකාශය හා විරෝධාකල්පී දේශපාලනයේ හැඩය

~ සචිනි ගීතාංජලී, කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසියා, අරගලය හා රාජ්‍යය යන පද මේ මොහොතේ ඉතා පුළුල් ආකාරයෙන් ශ්‍රී ලාංකේය සමාජය තුළ සාකච්ජා වෙමින් පවතින පසුබිමක, විරෝධාකල්පී දේශපාලනයේ නව මානයක් වශයෙන් ගෝඨාගෝගම හඳුන්වා දිය හැකිය. එහි අනුශාඛා ගණනාවක් දිවයින පුරා නිරාවරණය වෙමින් නිර්මාණය වේ. අරගලයට සහභාගී වෙමින් හා නිරීක්ෂණය කරන ලද අත්දැකීම් ඔස්සේ ගෝඨාගෝගම හුදෙක් ගම්මානයක් ලෙස නොව, එය අවකාශීය වෙනස්වීමක් වශයෙන් මෙතැන් සිට හැදින්වීම වඩාත් සාධනීය බව මගේ අදහසයි. අගනගරයේ ඉතා ආරක්ෂිත, වාණිජමය වටිනාකමකින් යුත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ප්‍රජාතන්ත්‍රවාදය යනු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පමණ ද?

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය   අරගලයේ ශක්තිය මිනිසුන් විසින් පෙන්වා දෙමින් සිටින මොහොතක මේ සටහන ලියමි. පවතින සටන් පාඨ අභියෝගයට ලක්කිරීමේ වරප්‍රසාදය මට ඇති බව මම නොසිතමි. ඒ වෙනුවට, ඒ සටන් පාඨ ප්‍රවාහයට එක්වෙමින්, සියල්ලන්ගේ ම සටන් පාඨවලට මගේ සටන් පාඨ මුසු කිරීමට සිතමි. එමෙන්ම, ජන මනස තුළ පාලකයා විසින් ගොඩ නඟන ලද මිලිටරි රාජ්‍ය පිළිබඳ අදහස අභියෝග කිරීම මාගේ සටන් පාඨවල මූලික අරමුණක් වනු ඇත. මේවා ‘මාගේ’ සටන් පාඨ ලෙස හැඳින්වුවත්, එම සටන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අරගලය ගැන 2

~ අනුශ්කා කහඳගමගේ මේ වන විට අරගලය ගැන විවිධ මත පළවෙමින් පවතී. ඉන් ප්‍රධානම චෝදනාවක් වන්නේ, අරගලයට නායකයෙකු නොමැති බවයි. ඊයේ දිනයේ අප සමඟ කතාවට පැමිණි එක් පුද්ගලයෙක් අපෙන් ඇසුවේ “දැන් ඔයාල හිතන විදියට රටේ නායකයා වෙන්න ඕන කවුද?” යනුවෙනුයි. අපගේ පිළිතුර වූයේ, කිසිඳු පුද්ගලයෙක් තරු බවට පත්කිරීමට මෙම අරගල කරුවන්ට වුවමනාවක් නොමැති බවයි. අපෙන් ප්‍රශ්නය ඇසු පුද්ගලයා රාජ්‍යයේ නිල හෝ නොනිල තෝල්කකරුවෙකු බව මාගේ අදහසයි. ඔහුට අවශ්‍යව තිබුණේ අරගලය දේශපාලනික පක්ෂයක ග්‍රහණයේ තිබෙන්නේදැයි යන්න…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ප්‍රායෝගික සටන් පාඨ  ටිකක් හොයා ගමු

~ චාන්දිමා නානායක්කාර ඇත්ත කතාව තමයි අපිට මේ 225ම එපා කියන එක ‘Gohomegota’, ‘Go home 225’ වගේසටන් පාඨ  කියලා අපි කෑගහල, බැරි වෙලාවත් එයාල ඔක්කොම ගියා කියමුකො. ඊලග චන්දෙ තියන්නෙ ඔබද? මමද? ඇත්තටම අලුත් තරුණ නායකත්වයක් ඕන තමයි. එකේ කතා දෙකක් නෑ. ඒත්, කෝ කව්ද දැනට මේ වැඩේ කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ? ඒක නිසා, අපි පොඩ්ඩක් පැහැදිලිව රට හදන පැත්තෙ ප්‍රායෝගික සටන් පාඨ  ටිකක් හිතමුද? මගේ එතරම් දේශපාලන අත්දකීමක් නැති මොලේට (වෙන අයගේ අදහස් ඇතුලුව)…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ජන අරගලය ගැන …

~ අනුෂ්කා කහඳගමගේ මේ මොහොතේ මදක් නැවතී මේ තත්ත්වය විශ්ලේෂණය කිරීමට තරම් වරප්‍රසාද සහිත තත්වයකට මා ඔසවා තැබුවාට නිදහස් අධ්‍යාපනයට සහ ඒ වෙනුවෙන් බදු ගෙවූ ජනතාවට ප්‍රථමව ප්‍රණාමය පුද කරමි. විශාල සමාජ විපරිවර්තනයක අංකුර මතුවෙමින් පවතින මේ මොහොත, ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් මෙන්ම වෙනස්ම ආකාර සන්ධිස්ථානයක් ලෙස දකිමි. ඒ මොහොත තුළ බොහෝ ධනාත්මක දේ ඇති අතර, ඒ ධනාත්මක දේ තවත් ප්‍රගතිශීලී මාවත් කරා යොමුකළ යුතුව ඇත. ඉතාම දීර්ඝ කාලයක් ජාති ආගම්, කුල මල, ස්ත්‍රී පුරුෂ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නූතන රාජ්‍යය සහ ජනවාර්ගිකත්වය: අනන්‍යතා දේශපාලනයේ ගැටලුව

~ දර්ශන ලියනගේ, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය (මේ ලිපිය 2021 මාර්තු  08 දින රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වුණු සහෝදර පියාපත් කෘතිය එළි දැක්වීමේ උත්සවයේ දී පවත්වන ලද ආරාධිත දේශනයෙහි ප්‍රකාශනයට සුදුසු සේ සංස්කරණය කරන ලද පිටපත ය). අද මේ එළිදක්වපු සහෝදර පියාපත් කියන මේ පොත රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිසු සිවියන් පිරිසක් යාපනය ප්‍රදේශයේ කරපු “ක්ෂේත්‍ර අධ්‍යනයක” ප්‍රතිඵලයක්. ඔවුන් එහේදී ලබපු අත්දැකීම් තමයි මේ ලිපිවල තියෙන්නේ. මේ අධ්‍යයනය කෙරිලා තියෙන්නේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

මෙවන් කුලපතිවරුන් ලැබීමට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සුජාතද?

~ අරුණි සමරකෝන් මෙම ලිපිය ස්ත්‍රීවාදී දේශපාලන භාවිතයක් වන ‘ඇයගේ  කතාව’  නම් ක්‍රමවේදය (method of her story) මත පදනම් ව ඉදිරිපත් වේ. ලිපිය තුල මේ අනුව හමුවන සියලුම භාවිත ස්ත්‍රීවාදී දේශපාලනික  විඥානය මගින් සිදුකරන අර්ථ කථනය වන අතර, එහිදී හමුවන උපහැරණ ස්ත්‍රී දේශපාලනය මගින් බලය හිමි පාර්ශ්වයන් ගේ හැසිරීම විචාරශීලි ව විස්තර කරනු ඇත.  ලිපියේ ප්‍රධාන අභිමතාර්ථය නම්, මේ ගෙවෙන මොහොතේ ජනප්‍රිය කතිකාවක් වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වෙත නව පුරුෂමූලික කුලපතිවරු පත් කිරීම වෙත  සමාජ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාවේ විකල්ප දේශපාලනය සදා විකල්පයක් ද?

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය, ඩුනෙඩීන්, නවසීලන්තය ලංකාවේ මෑත කාලීන මැතිවරණ දෙස බැලූ විට පෙනී යන්නේ ලංකාවේ විකල්ප දේශපාලනය ට ජනතා නියෝජන ක්‍රමය තුළ කිසිඳු කැපී පෙනෙන සළකුණක් සටහන් කිරීමට නොහැකිව ඇති බවයි. ඒ තබා, විකල්ප දේශපාලන කණ්ඩායම් තුළ හෝ ඒවා අතර ප්‍රගතිශීලී සංවාද ගැඹුරු මට්ටමකින් ඇතිවන බව ද පෙනී යන්නේ නැත. මිලිටරිකරණය වූ සහ ජනතා පීඩාකාරී රාජ්‍ය යාන්ත්‍රණ ඇතිවීමේ වගකීමෙන් කොටසක් මෙම විකල්ප දේශපාලන කණ්ඩායම් විසින් ද දැරිය යුතු වෙයි. මේ විශ්ලේෂණය සියලු විකල්ප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නිර්ලජ්ජිත බව!

~ සසංක පෙරේරා ක්‍රි.පූ. 372 ත් ක්‍රි.පූ. 289 ත් අතර කාලයේ ජීවත් වූ චීන දාර්ශනිකයෙකු වන වන මෙං කේ (ඔහු මෙන්සියස් ලෙස ද හැඳින්වේ) මීට වසර බොහෝ ගණනාවකට පෙර ‘ලැජ්ජාව’ සහ ‘නිර්ලජ්ජිතභාවය’ පිළිබඳ  පැවසූ දේ මෑතක සිට නිතරම මගේ සිහියට නැගේ. ඔහුට අනුව, “මිනිසෙකු ලැජ්ජාවෙන් තොර නොවිය යුතුය. මක්නිසාද යත්, ලැජ්ජාවෙන් තොර වීම ඇත්තෙන්ම ලැජ්ජා සහගත” වීම නිසාය. යම් වැරැද්දක් කිරීම පිළිබඳ ලැජ්ජාවට පත්වීම අනිවාර්යයෙන්ම පුද්ගලයෙකුගේ චිත්තවේගීය හා සදාචාරාත්මක වර්ධනයට පදනම සපයනවා මෙන්ම, ඔහු හෝ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කෝවිඩ් එන්නත්කරණයේ දේශපාලනය: පුද්ගලික අත්දැකීමකින් ඔබ්බට

~ අනුෂ්කා කහඳගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සයිනොෆාම් එන්නත ලබා ගැනීම සඳහා මා ජීවත්ව සිටින ප්‍රදේශයට ආසන්න එන්නත්කරණ මධ්‍යස්ථානයට පිවිසුනේ උදෑසන මිට දින කිහිපයකට පෙර උදෑසන 10.00 ට පමණය. ඒ වන විටත් එහි දිගු පෝලිමක් දකින්නට ලැබුණු අතර, එන්නත් කිරීම සිදුවන බව මට දැනගන්නට ලැබුණේ ඊට පැය භාගයකට පමණ පෙරයි. එන්නත ලබා දීම පිලිබඳ කිසිඳු විධිමත් මට්ටමේ දැනුවත් කිරීමක් ඒ වන විටත් සිදුවී නොතිබුණි. කෙළවර සොයාගත නොහැකි තරම් දිගු වූ පෝලිමක අවසාන කොණට මා එක් වුණෙමි.…
වැඩි විස්තර පරිශීලනයට