වැඩි විස්තර පරිශීලනයට

‘ඊනියා’ නිර්පාක්ෂික අරගලකරුවෝ සහ අවසාන නොවූ විප්ලවය

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය 2022 ජූලි 26 දින ප්‍රතිවාද වෙබ් අඩවියේ පළවූ ‘රනිල ශාකයේ ශාපය’ නමැති ලිපිය කියවීමෙන් පසු මෙම කෙටි සටහන තබමි. එම ලියුම් කරුවා (හෝ ලියුම් කරුවන්) සඳහන් කරන ආකාරයට, 2022 ජූලි 9 වනදා අතිමහත් බලයක් සහිත විධායක ජනාධිපතිවරයා මහජන නැගිටීමක් හරහා බලයෙන් නෙරපා හැරීම විප්ලවයක් නම්, ඊට ප්‍රතිපක්ෂව බලහත්කාරයෙන් බලයට පත්වූ නව ජනාධිපතිවරයා ඉතාම කෘර ලෙස ගෝල්ෆේස් අරගල බිමට එල්ලකළ ප්‍රහාරය ‘ප්‍රතිවිප්ලවයකි.’ ලිපියේ සාරාංශය වන්නේ, එසේ දියත්කළ ‘ප්‍රති-විප්ලවයත්’ ඒ හේතුවෙන් ‘විප්ලවයේ/අරගලයේ’…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘වික්‍රමසිංහ ආකෘතිය’ සහ ශ්‍රී ලංකාවේ නව දේශපාලනික විකෘතිතා

~ සචිනි ගීතාංජලී, දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන්නේ දේශපාලන විපරිවර්තනයක් හෝ නව අවස්ථාවක් යනුවෙන් දේශපාලනික විග්‍රහයක යෙදෙන්නේ නම්, එය මෑත දශකයේ වඩාත් ජනප්‍රියම හාස්‍යයෝත්පාදන විශ්ලේෂණය ලෙස හැදින්වීම තර්කානුකූලය. මන්ද යත්, පසුගිය දින කිහිපයේ සිට ශ්‍රී ලංකාවේ දේශපාලනික ජවනිකාව වෙනස් මුහුණුවරකින් සමාජය හමුවේ තිරගත වෙමින් පැවතිය ද එය දේශපාලනික වෙනසක් හෝ විපරිවර්තනයක් වෙනුවෙන් ගොඩ නැගෙන්නක් නොව, දේශපාලනික විකෘතිතා (political distortions) පිළිඹිඹු වන අවස්ථාවක් වශයෙන් අරුත් ගැන්වීම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කාන්තාව දේශපාලනයේ සහභාගී වීම සහ පුරුෂ මූලික පන්ති අරගල

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය පසුගිය දිනක කාන්තාව අරගලය තුළ සහභාගිවීම පිලිබඳව පැවැත්වූ සාකච්ඡාවක අශිලා නිරෝෂිනී දන්දෙණිය සොයුරිය ඉදිරිපත්කළ අදහස් ඇසුරින් මෙම සටහන පන්නරය ලබයි. ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය අවම වීම සහ එසේ අවම වීමට හේතු මොනවාද යන්න අශිලා දන්දෙණිය ගේ කරුණු දැක්වීමේ මූලික තේමාවක් බවට පත්විය.  එහිදී ඇය කියා සිටියේ, ලංකාවේ වෘත්තීය සමිති අවකාශ තුළ පවතින ‘පන්ති දේශපාලනය’ මගින්  කාන්තාවට ඒවා තුළ ක්‍රියාකාරී වීම හෝ ස්ථානගතවීම වළක්වා ඇති බවයි. ඒ වෙනුවට, රාජ්‍ය නොවන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාවේ වර්තමාන අර්බුදයේ යටත්විජිත මානය සහ අර්බුදය ගැන බටහිර-නොවන දැනුම් සම්පාදනයේ  ඇති වැදගත්කම

~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය ලංකාවේ අද පවතින අර්බුදය ඇති වීමට හේතු ලෙස අප දැනට බහුලව අර්ථ දක්වන්නේ ‘පසුගිය වසර 74’ ක කාලය තුළ රට අභ්‍යන්තරයේ මතු වූ ආර්ථික, දේශපාලනික සහ සමාජයීය ගැටළුවලට නිසි පිළියම් නොදීම ය. මෙසේ කාලය නිර්ණය කිරීමේ දී, 1948 වසර හෙවත් අප යටත්විජිතකරණයෙන් නිදහස් වූ වසර එක්තරා සලකුණු කාරකයක් ලෙස සලකයි. අර්බුදයට බලපෑ හේතු අතරින් අති බහුතරයක් 1948න් පසුව රට අභ්‍යන්තරයේ ඇති වූ ඒවා බව අවිවාදිත වුව ද, මෙම අර්බුදයට යටත්විජිත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කූරගල සිංහල බෞද්ධ වීර සිංහයා සහ ‘අනෙකා’ට එරෙහි ප්‍රචණ්ඩත්වය

~ අනුශ්කා කහඳගම, ඔටාගෝ විශ්වවිද්‍යාලය ප්‍රතිපත්තිවලින් තොර පුරුෂෝත්තමවාදී හිස් ඡන්ද ව්‍යාපාරවල ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින මොහොතක මේ සටහන ලියමි. ලංකාවේ මෑත කාලීන ඡන්ද ජයග්‍රහණවල ප්‍රධාන භූමිකාවක් රඟපා ඇත්තේ පක්ෂයක් විසින් ඉදිරිපත්කරන දේශපාලන වැඩපිළිවෙල නොව, ඒ වෙනුවට ඉදිරිපත් කර ඇති සිංහල බෞද්ධ පුරුෂ මූලික මිලිටරි ජාතිකවාදයයි. එම පුරුෂ මූලික සිංහල බෞද්ධ ජාතිකවාදයේ වඩාත් පැහැදිලි සහ ආසන්නතම ප්‍රකාශනය වන්නේ කූරගල බෞද්ධ විහාරය සහ ඒ ආශ්‍රිතව ඉදිකර ඇති කූරගල රන් පැහැ සිංහ රුවයි. එදෙස බැලූ බැල්මටම පෙනෙන පරිදි,…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ත්‍රිපිටකය කාලය හා අවකාශයෙන් තොර පරම සත්‍යයක් ද?

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය වැලිමඩ සද්ධාශීල නම් භික්ෂුවක් ගැහැණු දරුවන් උපදින්නේ දෙමාපියන් පෙර ආත්මවල කියූ බොරු හේතුවෙනි යන බණක් පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිවිය. එයට සමගාමීව සද්ධාශීල හිමි කියූ බණ නිවැරදි බවට ද මතයක් සමාජගත වූ අතර, එම පිරිසේ ප්‍රධාන තර්කය වූයේ එවැනි කරුණක් ත්‍රිපිටකයේ ඇති බවත්, සද්ධාශීල හිමියන්ගේ බණ නිවැරදි බවත්ය.  ඒ අනුව එම පිරිස විසින් පාරමිතා ප්‍රකරණයේ ‘සත්‍ය පාරමිතාවේ’ (ඛුද්දක නිකායේ ජාතක පාලිය) ඇති කොටසක් උපුටා දක්වමින් මෙම බණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේක්ෂාසහගත වීමට නිර්භීත විය යුතුය

~ අරුණි සමරකෝන්, රුහුණ විශ්වවිද්‍යාලය මේ ගෙවෙන මොහොතේ ශ්‍රී ලංකාව තුල පවතින ප්‍රධාන අභියෝගය නම්, ආර්ථික සහ දේශපාලන ස්ථාවර භාවය ගොඩ නැගීමය. 30 වසරක යුද්ධය, ‘දකුණේ තරුණ නැගී සිටීම්’ යන දේශපාලනික පරිසර මගින් හෝ නොකරන ලද ආකාරයට අස්ථාවර මෙන්ම නිරන්තරයෙන් ගතිකත්වයට පත්වන දේශපාලනයක් මේ මොහොතේ නිර්මාණය කරනු ලබන්නේ එක් පසෙකින් ඇතිආර්ථික අර්බුදය සහ එහි ප්‍රථිපලයක් ලෙස මතුව ඇති දේශපාලන අර්බුදය මගින් වේ. මෙම අර්බුධ දෙකම විවිධ දෘෂ්ටිවාදී  කෝණයන් ගෙන් අර්ථකථනය කර තිබෙන හෙයින්, මෙම ලිපිය…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්

~ බූපති නලින් වික්‍රමගේ අප්‍රේල් සිදුවීම් සිදුවෙමින් පවතී. නිසැකවම මෙය ලංකාවේ දේශපාලන සංධිස්ථානයකි. ඒ අර්ථ කීපයකිනි. ඉන් එකක් ඊනියා නිදහසින් පසු ලංකාවේ බිහිවූ ශක්තිමත්ම දේශපාලන දෘෂ්ටිවාදයක් සහිත රාජපක්ෂ බල-හවුල බරපතළම දේශපාලන අභියෝගයකට ලක් වූ අවස්ථාව වීමයි. කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ව්‍යාපෘතියකට පරාජය කල නොහැකිව තිබූ රාජපක්ෂ දේශපාලනය තීරණාත්මක අභියෝගයකට ලක් වී ඇත. මෙය ඉබේ සිදු වූවක්ද? නැතහොත් ස්වයං මහජන? නැගිටීමක්ද?  එසේම 2022 අප්‍රේල් වනවිට ලංකාව කෙදිනකවත් මුහුණ නොදුන් බරපතළ දේශපාලන – ආර්ථික අර්බුදයකට අභිමුඛ වී…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

යුක්රේන අර්බුධය කෙරෙහි මතුවන බටහිර ප්‍රතිචාරයන්හි සරණාගත ධූරාවලිය

~ පියුමනී පංචාලි රණසිංහ සහ ඛාලිඩ් ඩැඩර්~ පරිවර්තනය: කල්පනී දඹගොල්ල “සියලුම මනුෂ්‍යයන් උපත ලබන්නේ නිදහස්ව හා ගෞරවයකින් යුතුව මෙන්ම අයිතිවාසිකම් වලින්ද සමානව” වුවත් යුරෝපීය ‘සුදුහම’ හා ‘ශිෂ්ටත්වය’ සාමාන්‍ය තත්වය අභිබවා යන වඩා නිදහස් හා උසස් බවක් ආරෝපණය කරගෙන සිටී. අපි මානව හිමිකම් කෙරෙහි නැඹූරු (හෝ එසේ කියනු ලබන) ලෝකයක ජීවත් වන හෙයින් වර්ගවාදය වසර ගණනාවකට පෙර අවසන් වු බව සිතූ මුත් මෙම වසරේ (2022) පෙබරවාරි මස අගදී පුපුරා ගිය යුක්රේනයට එරෙහි රුසියානු යුද්ධය විසින් වර්ගවාදයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලෝකය දෙස අලුතින් බැලීමට කියාදුන් නව දිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය, නවසීලන්තය දකුණු ආසියානු විශ්වවිද්‍යාලයට 2017 වසරේදී  මා තේරී පත්වූයේ දර්ශනවේදී (MPhil) සහ දර්ශනසූරී (PhD) උපාධි පාඨමාලා හැදෑරීම සඳහායි. දකුණු ආසියානු විශ්වවිද්‍යාලයට අයැදුම් කිරීමට පෙර, ලෝකයේ විශ්වවිද්‍යාල බොහෝ ගණනකට අයැදුම් කළත් ඒ කිසිවක් සාර්ථක නොවීය. අනෙක් සියලු දෙනා මෙන්ම ඉන්දියාවේ පිහිටි විශ්වවිද්‍යාලයකට අයැදුම් කිරීමට මගේ අකමැත්තක් තිබූ බව පිළිගත යුතුය. ඒ ඇතිවන අකමැත්ත අප සමාජය විසින් ‘ඉන්දියාව’ කෙරෙහි සාමාන්‍යයෙන් ඇතිකරන බිය  මත පදනම් වී තිබුණි. එනම්, ඉන්දියාව ජීවත් වීමට නුසුදුසු, අනාරක්ෂිත,අපිරිසිඳු…
වැඩි විස්තර පරිශීලනයට