මහජන නැගීසිටීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් වේද?
~ අරුණි සමරකෝන්, රුහුණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විධායක අවකාශය තුළට, මහජනයා දේශපාලන බලවේගයක් ලෙසින් ඍජුවම ප්‍රවේශ වීම සංකේතාත්මකව සනිටුහන් කරනු ලැබුවේ ජුලි 09 වැනි දින, ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොටුව ජානාධිපති මන්දිරය මහජනයා විසින් අත්පත් කරගැනීමෙනි. මෙම මහජන නැගී සිටීම, දාමරික පාලනයක් (mobocracy) හෝ ත්‍රස්තවාදී නැගීසිටීමක් ලෙස ශ්‍රී ලංකා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් නම් කිරීම සමාජ මාධ්‍යයෙහි දැක ගත හැකිවිය. මෙම ලිපිය ලිවීමේ මූලික අරමුණ නම්, 2022 ජුලි 09 වැනි දින සිදුවූ මහජන නැගී සිටීම යනු…