Skip links

සංස්කාරක මණ්ඩලය

සසංක පෙරේරා

(ප්‍රධාන සංස්කාරක)
සසංක පෙරේරා නව දිල්ලි නුවර පිහිටා ඇති දකුණු ආසියානු විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයෙකු වන අතර, ඔහු Society and Culture in South Asia නිබන්ධ සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක වරයාද වෙයි.

අනුෂ්කා කහඳගමගේ 

අනුෂ්කා කහඳගමගේ නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා අංශයේ  දර්ශනසූරී උපාධි අපේක්ෂිකාවකි. ඇය සිනමාව” පුරුෂත්වය” බුදු දහම යන ක්ෂේත්‍ර කෙරෙහි උනන්දුවක් දක්වයි. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්යවරියක් වශයෙනුත්” ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් වශයෙනුත් සේවය කර ඇත. එමෙන්ම නීතිය හා සමාජ භාරය” කාන්තා අධ්‍යයන කේන්ද්‍රය මෙන්ම ශ්‍රී ලංකා සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේද සමාජ විද්‍යා පර්යේෂිකාවක් වශයෙන් සේවයකර ඇත.

කෞශල්‍ය කුමාරසිංහ

කෞශල්‍ය කුමාරසිංහ නව දිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිළිබඳ දර්ශනශුරී උපාධි අපේක්ෂකයෙක් වන අතර ඔහු නවකතා කරුවෙක්, ගීත රචකයෙක් හා සංස්කෘතික ක්‍රියාකාරිකයෙකුද වේ.

සුදේශ් මන්තිලක

සුදේශ් මන්තිලක ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ දර්ශන සූරී උපාධිලාභියෙක් වන අතර වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි. ඔහු නර්තනය සම්බන්ධ කලාකාර-ශාස්ත්‍රඥයකු වේ.

පවිත්‍රා ජයවර්ධන

පවිත්‍රා ජයවර්ධන කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියකි. නවසීලන්තයේ වෙලිංටන්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලැබූ ඇය ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලැබූවේ කොළඹ විශ්වවිද්‍යාලයෙනි. ඇයගේ විශේෂ පර්යේෂණ උනන්දුව පුරවැසිභාවය” සංක්‍රමණය” ලාංකික සංක්‍රමණිකයින් වැනි ප්‍රපංච කෙරෙහි යොමු වී ඇත.    

විදුර ප්‍රභාත් මුණසිංහ

විදුර ප්‍රභාත් මුණසිංහ නීතීඥවරයෙක්, පර්යේෂකයෙක් සහ පරිවර්තකයෙකි. ඇලේන් බදියුගේ In Praise of Love (කෞශල්‍ය කුමාරසිංහ සමඟ)” ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්ගේ Memories of My Melancholy Whores,  අන්ද්‍රේ ගොර්ස්ගේ Letter to D යන කෘතීන් ද” සමාජ විද්‍යා හා මානව විද්‍යා ධාරාවන්ට අයත් විවිධ ශාස්ත්‍රීය ලිපි ලේඛන ද ඔහු විසින් මීට පෙර සිංහලට පරිවර්තනය කොට ඇත. මහාචාර්ය ප්‍රදීප් ජෙගනාදන්” කෞශල්‍ය කුමාරසිංහ සමඟ ඔහු රචනා කළ zරොමාන්තික ප්‍රේමයේ ලාංකීය ගතිකයන් සොයා යාම: ගුණදාස අමරසේකරගේ සාහිත්‍ය පිළිබඳ පාර්ශ්වීය කියවීමක්Z කෘතිය ද, ඔහු විසින් සිංහලට පරිවර්තනය කරන ලද මහාචාර්ය නිහාල් පෙරේරාගේ Decolonizing Ceylon: Colonialism, Nationalism and Politics of Space in Sri Lanka  කෘතිය ද නුදුරේදීම ප්‍රකාශයට පත්වීමට නියමිතය. ඔහු දැනට නීතිය හා සමාජ භාරයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු වශයෙන් කටයුතු කරයි’

සාමිනතන් විමල්

සාමිනතන් විමල් යාපනය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා සහ ඉංග්‍රීසි අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකි.  දෙමළ සහ සිංහල භාෂා සම්බන්ධයෙන් ප්‍රවීණ පර්වර්තකයෙක් වශයෙන් ප්‍රසිද්ධියක් ලබා ඇති ඔහුගේ පරිවර්තන උත්සාහයන් අතර පහත සඳහන් කෘති විශේසයෙන් සඳහන් කළ හැක: වට්ටුක්කෝට්ටෛ සිට මුලතිව් දක්වා (එස්.කේ. සෙන්දිවේල්), 2019;  සෙක්කු ගොනා (ව.අයි.ස. ජෙයපාලන්), 2015; තියුණු අසිපතක සෙවන යට (තමිළිනී ජෙයක්කුමාරන්), 2016.  මීට අමතරව, ඔහුගේ ශාස්ත්‍රීය ව්‍යායාම අතර ‘පරිවර්තන අධ්‍යයන විෂයෙහි බහුවිධ ප‍්‍රවේශ පිළිබඳ සංක්‍ෂිප්ත ඉදිරිපත් කිිරීමක්’ (2019) සහ ‘ලාංකීය සිංහල සහ දෙමළ නවකතා සාහිත්‍යයෙහි ආරම්භයට හේතු සාධක වූ සමාජ පසුබිම’ යන ලිපි ද ඇතුලත් වේ.

This website uses cookies to improve your web experience.