තොරතුරු හා ප්‍රවෘත්ති

තොරතුරු හා ප්‍රවෘත්ති
පඨිත සංස්කාරක

‘පඨිත’ සහ අර්බුද සමයක ඥාන සම්පාදනය

2021 වසරේ සිට සංස්කාරක මණ්ඩලයේ සැලසුම වූයේ පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා එක් වෙළුමක් හා සම්බන්ධිත කලාප දෙකක් වශයෙන් වසරකට දෙවරක් ප්‍රකාශයට පත්කිරීමටය. ඒ තීරණයට පැමිණීමේ පදනම වූයේ, වසර හතක නිහැඩියාවකට පසු 2020 දී පඨිත නැවත වරක් පළකිරීම ඇරඹීමත් සමගම ඊට ලැබුන බුද්ධිමය ප්‍රතිචාරය හා උනන්දුවය. එනමුත් 2020 දී මතුවූ කොරෝනා රෝගී තත්ත්වය බරපතල මහජන සෞඛ්‍යය අර්බුදයක් බවට පත්  වූ පසු සහ දැනට මෙරට මුහුණදෙමින් තිබෙන ආර්ථික සහ දේශපාලනික අර්බුද හමුවේ මේ කටයුත්ත මෙලෙසින්ම කිරීම අපහසු
Read More »
තොරතුරු හා ප්‍රවෘත්ති
පඨිත සංස්කාරක

පඨිත: අර්බුද සමයක ඥාන සම්පාදනය

පඨිත 12 වන ථවෙළුම (පළමු හා දෙවන ඒකාබද්ධ කලාප, 2021) ජනගත කෙරෙන්නේ දිවයින අතිශයින් ඛේදනීය ආර්ථික, සමාජ සහ දේශපාලනික අර්බුධයකට මුහුණ දී සිටින මොහොතක සහ ඒ අර්බුදයට එරෙහිව විශාල ජන අරගලයක් ද මතුවී තිබෙන අවස්තාවකය. එම අර්බුදය සෑම ක්‍ෂේත්‍රයක් කෙරෙහිම තීව්‍ර ලෙස බලපෑම් කතර ඇති කර   ඇති අතර, අන් බොහෝ දේ මෙන්ම කඩදාසි සහ මුද්‍රණ තීන්ත හිඟ වීම හේතුවෙන් ප්‍රකාශන කර්මාන්තය ද සම්පුර්ණයෙන්ම පාහේ අකර්මණ්‍ය වී ඇත. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් තුළ ශාස්ත්‍රාලීය දැනුම් සම්පාදනය මුහුණ
Read More »
තොරතුරු හා ප්‍රවෘත්ති
පඨිත සංස්කාරක

කද්රි ඉස්මයිල් පිළිබඳ මතකය: ශ්‍රී ලංකාවේ ජාතිකවාදයේ සීමා

~ රාජන් ෆිලිප්ස්~ පරිවර්තනය: ගීතිකා ධර්මසිංහ, කෝනෙල් විශ්වවිද්‍යාලය   මිනෙසෝටා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි, සංස්කෘතික අධ්‍යයන හා සංසන්දනාත්මක සාහිත්‍යය අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකු වූ කද්රි ඉස්මයිල් පසු ගිය දිනෙක අපෙන් සදහටම සමු ගත්තේය. ඔහුගේ හදිසි මරණය අප තුල ඇති කරන්නේ කම්පනයකි. තවත් ශ්‍රී ලාංකික ශාස්ත්‍රඥයෙකු, ලේඛකයෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු මෙසේ අකාලයේ අප හැර යන්නට ගොසිනි. ලංකාවේ දේශපාලනය ඉංග්‍රීසියෙන් කියවන සියලු දෙනාම පාහේ කද්රි ඉස්මයිල් හඳුනති. ඔහුගේ ලිවීම්වලින් පරිභාහිරව, මා ඔහුව දැන සිටියේ ඉතා අල්ප වශයෙනි. මට ඔහුව මුණගැසී ඇත්තේ
Read More »
තොරතුරු හා ප්‍රවෘත්ති
පඨිත සංස්කාරක

ලකී සේනානායක, දිය බුබුල සහ අදහස් පිළබඳ භූ දර්ශනය

~ ඩේවිඩ් රොබ්සන්, වාස්තුවිද්‍යාව පිළබඳ විශ්‍රාමික මහාචාර්ය, බ්‍රයිටන් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය කලා ශිල්පී ලකී සේනානායක දිගු අසනීපයකින් පසු 2021 මැයි මස අවසානයේදී මිය ගියේය.1937 දී උපත ලැබූ ඔහුගේ පියා වැවිලිකරුවෙකු හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ රෙජිනෝල්ඩ් සේනානායකය. බ්‍රිතාන්‍යයන් විසින් රෙජිනෝල්ඩ් සේනානායකව ඉන්දියාවේදී සිය දේශපාලන ක්‍රියාකාරකම් නිසා සිරගත කරනු ලැබූ අතර, ලකී සේනානායක ට වයස අවුරුදු දහය වන විට හෙතෙම මිය ගියේය. ඉන් පසු ඔහුව හදාවඩා ගැනීමේ වගකීම පැවරුනේ, 1947 දී ශ්‍රී ලංකාවේ
Read More »
තොරතුරු හා ප්‍රවෘත්ති
පඨිත සංස්කාරක

2021 ‘පඨිත’ 12 වෙළුම: කලාප අංක 1 හා 2

මේ වන විට ලංකාවේ පවතින කොවිඩ් වසංගතය ආශ්‍රිත තත්ත්වය හේතුවෙන් 2021 මැයි මාසයේ දී ප්‍රකාශ වීමට නියමිතව තිබූ පඨිත 12 වන වෙළුමේ පළමු කලාපය (1)  මැයි මාසයේ නිකුත් නොවේ. ඒ වෙනුවට,  2021 සැප්තැම්බර් මාසයේ දී 12 වන වෙළුමේ  පළමු (1) වෙළුම මෙන්ම දෙවන වෙළුම ද (2)  එකාබද්ධ වෙළුමක් ලෙස  පළ කිරීමට කටයුතු සලසා ඇත. දැනටමත් 2021 පළමු වෙළුමේ සංස්කරණ කටයුතු පූර්ණ වශයෙන් අවසන් කර ඇත. 2021 දෙවන වෙළුමේ කටයුතු ද බොහෝ දුරට නිම කර තිබුන
Read More »
තොරතුරු හා ප්‍රවෘත්ති
පඨිත සංස්කාරක

කොරෝනා ව්‍යවසන කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම

~ අයේෂා ගොඩගම, පර්යේෂණ අංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හැදින්වීම මෑතකාලීන ලෝක ඉතිහාසයේ සෑම රටකටම පාලනයෙන් ගිලිහී ගිය ව්‍යවසනකාරි තත්ත්වයක් වන්නේ කොවීඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ බලපෑමයි. 2019 නොවැම්බර් මස චීනයේ වූහාන් ප්‍රාන්තයෙන්  පළමු රෝගියා වාර්තා වී, මේ වන විට  එය ලොව අන් බොහෝ රටවල් වෙත සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත (වර්ල්ඩෝමීටර් 2021). එමගින් සමස්ථ මනුෂ්‍ය සංහතියටම කරනු ලබන බලපෑම ගැන මෙහිදී සඳහන් කළ යුතු අලුත් දෙයක් නොවේ. බෝහෝ විට මෙම තත්ත්වය රෝගී තත්ත්වයක් නිසා, සෞඛ්‍ය අංශයට
Read More »