දේශපාලන සටහන

දේශපාලන සටහන
පඨිත සංස්කාරක

නූතන රාජ්‍යය සහ ජනවාර්ගිකත්වය: අනන්‍යතා දේශපාලනයේ ගැටලුව

~ දර්ශන ලියනගේ, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය (මේ ලිපිය 2021 මාර්තු  08 දින රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වුණු සහෝදර පියාපත් කෘතිය එළි දැක්වීමේ උත්සවයේ දී පවත්වන ලද ආරාධිත දේශනයෙහි ප්‍රකාශනයට සුදුසු සේ සංස්කරණය කරන ලද පිටපත ය). අද මේ එළිදක්වපු සහෝදර පියාපත් කියන මේ පොත රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිසු සිවියන් පිරිසක් යාපනය ප්‍රදේශයේ කරපු “ක්ෂේත්‍ර අධ්‍යනයක” ප්‍රතිඵලයක්. ඔවුන් එහේදී ලබපු අත්දැකීම් තමයි මේ ලිපිවල තියෙන්නේ. මේ අධ්‍යයනය කෙරිලා තියෙන්නේ
Read More »
දේශපාලන සටහන
පඨිත සංස්කාරක

මෙවන් කුලපතිවරුන් ලැබීමට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සුජාතද?

~ අරුණි සමරකෝන් මෙම ලිපිය ස්ත්‍රීවාදී දේශපාලන භාවිතයක් වන ‘ඇයගේ  කතාව’  නම් ක්‍රමවේදය (method of her story) මත පදනම් ව ඉදිරිපත් වේ. ලිපිය තුල මේ අනුව හමුවන සියලුම භාවිත ස්ත්‍රීවාදී දේශපාලනික  විඥානය මගින් සිදුකරන අර්ථ කථනය වන අතර, එහිදී හමුවන උපහැරණ ස්ත්‍රී දේශපාලනය මගින් බලය හිමි පාර්ශ්වයන් ගේ හැසිරීම විචාරශීලි ව විස්තර කරනු ඇත.  ලිපියේ ප්‍රධාන අභිමතාර්ථය නම්, මේ ගෙවෙන මොහොතේ ජනප්‍රිය කතිකාවක් වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වෙත නව පුරුෂමූලික කුලපතිවරු පත් කිරීම වෙත  සමාජ
Read More »
දේශපාලන සටහන
පඨිත සංස්කාරක

ලංකාවේ විකල්ප දේශපාලනය සදා විකල්පයක් ද?

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය, ඩුනෙඩීන්, නවසීලන්තය ලංකාවේ මෑත කාලීන මැතිවරණ දෙස බැලූ විට පෙනී යන්නේ ලංකාවේ විකල්ප දේශපාලනය ට ජනතා නියෝජන ක්‍රමය තුළ කිසිඳු කැපී පෙනෙන සළකුණක් සටහන් කිරීමට නොහැකිව ඇති බවයි. ඒ තබා, විකල්ප දේශපාලන කණ්ඩායම් තුළ හෝ ඒවා අතර ප්‍රගතිශීලී සංවාද ගැඹුරු මට්ටමකින් ඇතිවන බව ද පෙනී යන්නේ නැත. මිලිටරිකරණය වූ සහ ජනතා පීඩාකාරී රාජ්‍ය යාන්ත්‍රණ ඇතිවීමේ වගකීමෙන් කොටසක් මෙම විකල්ප දේශපාලන කණ්ඩායම් විසින් ද දැරිය යුතු වෙයි. මේ විශ්ලේෂණය සියලු විකල්ප
Read More »
දේශපාලන සටහන
පඨිත සංස්කාරක

නිර්ලජ්ජිත බව!

~ සසංක පෙරේරා ක්‍රි.පූ. 372 ත් ක්‍රි.පූ. 289 ත් අතර කාලයේ ජීවත් වූ චීන දාර්ශනිකයෙකු වන වන මෙං කේ (ඔහු මෙන්සියස් ලෙස ද හැඳින්වේ) මීට වසර බොහෝ ගණනාවකට පෙර ‘ලැජ්ජාව’ සහ ‘නිර්ලජ්ජිතභාවය’ පිළිබඳ  පැවසූ දේ මෑතක සිට නිතරම මගේ සිහියට නැගේ. ඔහුට අනුව, “මිනිසෙකු ලැජ්ජාවෙන් තොර නොවිය යුතුය. මක්නිසාද යත්, ලැජ්ජාවෙන් තොර වීම ඇත්තෙන්ම ලැජ්ජා සහගත” වීම නිසාය. යම් වැරැද්දක් කිරීම පිළිබඳ ලැජ්ජාවට පත්වීම අනිවාර්යයෙන්ම පුද්ගලයෙකුගේ චිත්තවේගීය හා සදාචාරාත්මක වර්ධනයට පදනම සපයනවා මෙන්ම, ඔහු හෝ
Read More »
දේශපාලන සටහන
පඨිත සංස්කාරක

කෝවිඩ් එන්නත්කරණයේ දේශපාලනය: පුද්ගලික අත්දැකීමකින් ඔබ්බට

~ අනුෂ්කා කහඳගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සයිනොෆාම් එන්නත ලබා ගැනීම සඳහා මා ජීවත්ව සිටින ප්‍රදේශයට ආසන්න එන්නත්කරණ මධ්‍යස්ථානයට පිවිසුනේ උදෑසන මිට දින කිහිපයකට පෙර උදෑසන 10.00 ට පමණය. ඒ වන විටත් එහි දිගු පෝලිමක් දකින්නට ලැබුණු අතර, එන්නත් කිරීම සිදුවන බව මට දැනගන්නට ලැබුණේ ඊට පැය භාගයකට පමණ පෙරයි. එන්නත ලබා දීම පිලිබඳ කිසිඳු විධිමත් මට්ටමේ දැනුවත් කිරීමක් ඒ වන විටත් සිදුවී නොතිබුණි. කෙළවර සොයාගත නොහැකි තරම් දිගු වූ පෝලිමක අවසාන කොණට මා එක් වුණෙමි.
Read More »
දේශපාලන සටහන
පඨිත සංස්කාරක

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා
Read More »