පඨිත – තෙවන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා තෙවන වෙඵම 2005 වසරේදී එළිදක්වන ලදී.  එය යටත්විජිතවාදය හා පශ්ත්චාත්-යටත්විජිත මතකය පිළිබඳ විශේෂ වෙලුමකි. මෙහි ඇතුළත් ලිපි අතර යුරෝපීය පරිකල්පණය මගින් ජනිත කළ පැසිෆික් දුපත් ආශ්‍රිත වනචාරි පෝරිසාද කතා පිළිබඳ ලිපියකින්ද පශ්චාත් යටත්විජිත කතිකාව පිළිබඳ න්‍යායික ආවර්ජනයකින්ද යටත් විජිත ලක්බිම අරුමුග නවලර් තුමාගේ සමාජ-සංස්කෘතික භූමිකාව පිළිබඳ ලිපියකින්ද යටත්විජිත සිංහල කතිකාව තුල පිරිමිකම හා පුරුෂත්වය පිළිබඳ ලිපියකින්ද කැප්පෙටිපොල නිලමේතුමාගේ හිස්කබල එංගලතයේ සිට නැවත වරක් ලංකාවට ගෙනඒමේ දේශපාලනය පිළිබඳ ලිපියකින්ද සමන්විතය. මීට අමතරව මේ වෙලුම යටත්විජිතවාදය හා පශ්ත්චාත්-යටත්විජිත මතකය පිළිබඳ දීර්ඝ හැඳින්වවීමක්ද ඉදිරපත් කරයි.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත: සමාජ සං​ස්කෘතික සමීක්​ෂා’ (11 වන වෙලුම 2020)

පඨිත – 11 වන වෙළුම 2020: භාගත කරන්න පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා 11 වන වෙළුමේ (2020) අන්තර්ගතය පහත සඳහන් පරිදිය: පර්යේෂණ රචනා * කාජල් තැවරූ දෑසින් හෙළන බැලුම්: නිර්ප්‍රභූ දේශපාලනික ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘ජෝගි ’ නැටුම්– කෞෂල්‍යා ආරියරත්න. * “මානව ලිංගිකත්වයේ බහුරූපීතාව සහ සුළුතර ලිංගික ප්‍රජාව”: ශ්‍රී ලාංකේය සමාජය ඇසුරෙන් සමාජවිද්‍යාත්මක කියවීමක්– උන්නතී සමාධිනී සමරවීර. * වීර වින්දිතයෝ: සිංහල සිනමාව සහ මිලිටරි පුරුෂත්වයේ අණසක ගොඩනැගීම.– අනුෂ්කා කහඳගමගේ. * ශ්‍රී ලාංකේය බෞද්ධ කලාවේ නිරූපිත මාර පරාජය…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත – නමවන හා දහවන ද්විත්ව වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා නමවන හා දහවන වෙඵම 2011/2012 වසරේදී පළවූයේ කෙටි ද්විත්ව වෙඵමක් වශයෙනි. ඒ සමගම පඨිත ප්‍රකාශයට පත් කිරීම නවත්වන ලදී. මේ කෙටි ද්විත්ව වෙඵමට ඇතුලත් වූ ලිපි අතර පළමු ලිපිය බොලිවුඩ් සිනමාව මගින් නියෝජනය කරන ඉන්දීය මධ්‍යම පාන්තික නිවාසවල අභ්‍යන්තර දර්ශන  ඉන්දියාවේ පන්තිමය වශයෙන් ඇතිකරන රුචිකත්වය පිලිබඳ බලපෑම විග්‍රහ කරයි. දෙවන ලිපිය විචාරයේ සීමා තුල සරසවිවල භූමිකාව පිලිබඳ පුලුල් කියවීමකට මුල පුරයි. තෙවන ලිපිය තෝරාගත් ප්‍රදර්ශනයක් පාදක කරගනිමිනි ශ්‍රී ලංකාවේ 90 දශකයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත – අටවන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා අටවන වෙඵම 2010 වසරේදී එළිදක්වන ලදී. මෙහි ප්‍රවේශාත්මක ලිපි 4ක් ඇතුලත් විය. ඒවායේ තේමා අතරට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් ආබාධිත සෙබලුන්ගේ මනෝ-සමාජයීය යහපැවැත්ම කෙරෙහි පුනරුත්ථාපානයේ බලපෑම; තත්කාලීන සමාජ වෙනස්වීම සමග මල්වර චාරිත්‍රවල ඇතිවී තිබෙන විපර්යාස; පවුල් හිංසනය හා ශ්‍රී ලංකාවේ ගම යන අදහස මතවාදීමය නිෂ්පාදනයක් සේ සලකන්නේ කෙසේද යනාදිය ඇතුලත් විය.
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත – පළමු වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා පළමු වෙඵම 2003 වසරේදී එළිදක්වන ලදී. එය යාපනයේ හින්දු කෝවිල්වල බිතුසිතුවම් කලාව, බංගලිදේශයේ යුධ ස්මාරක පිළිබඳ කියවීමක්, මෝල් සාප්පු සංකීර්ණවල අවකාශීය දේශපාලනය පිලිබඳ හැඳින්වීමක් හා පශ්චාත් නුතනවාදීන්ගේ කතෘ ඝාතනය පිළිබඳ විවරණයකින් ද සමන්විත වේ. පඨිත පළමුවන වෙඵම භාගත කරගන්න
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත – සයවන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා හයවන වෙඵම 2008 වසරේදී එළිදක්වන ලදී. මෙහි ඇතුළත්  ප්‍රධාන ලිපි අතරට දෙමළ කවියේ ඇති අනන්‍යතා ප්‍රවේශ භක්තින්ගේ අදහස් ඇසුරින් කළ කියවීමක් හා ලංකා ඉතිහාසයේ ගැටලු සහ ඉතිහාසයට ඇති බය පිළිබඳ  ලිපියක්ද ඇතුළත් වේ. මීට අමතරව, ප්‍රවේශාත්මක ලිපියක් ලෙස ජාඇල ප්‍රදේශයයේ දෙමළ හින්දු අනන්‍යතාවට නව ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම් ඇතිකරන බලපෑම පිළිබඳ   පර්යේෂණ ලිපියක් ද ඇතුළත් වේ. පඨිත සයවන වෙඵම භාගත කරගන්න
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත – පස්වන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා පස්වන වෙඵම 2007 වසරේදී එළිදක්වන ලදී. මෙහි ඇතුළත් ලිපි අතර, ඉන්දියාවේ මලයාලම් සිනමාවේ නිරූපිත  පුරුෂ මිත්‍රකම් පිළිබඳ කියවීමක්, කලාවේ දේශපාලනය පිළිබඳ න්‍යායික හා සංකල්පීය කියවීමක් සහ රෝගයකට ප්‍රතිකාර අපේක්ෂාවෙන් ඇතිවන මානව චර්යා පිළිබඳ මුලික සමාජවිද්‍යාත්මක කියවීමක්ද ඉදිරිපත් කෙරේ. පඨිත පස්වන වෙඵම භාගත කරගන්න
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත – සත්වන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා හත්වන වෙඵම 2009 වසරේදී එළිදක්වන ලදී. මෙහි ඇතුලත් ප්‍රධාන ලිපි අතරට නූතන ඉන්දියාවේ සිතියම් හා මාතෘ දෙවඟන අතර ඇති සබැඳියාව පිලිබඳ කියවීමක් හා යටත්විජිත යුගයේ යාපන-කේන්ද්‍රීය චිත්‍රවල දැකගත හැකිවූ  නවීනත්වය සහ දෙබිඩි බව පිළබඳ කියවීමක්ද ඇතුලත් වේ. මීට අමතරව ප්‍රවේශාත්මක ලිපි වශයෙන් නාගරික අවකාශය විවරණය කිරීම පිලිබඳ ලිපියක් හා ගම්මඩුව යාතුකර්මය සංකේතාර්ථ ක්ෂේත්‍රයක් ලෙස සලකා ලියූ ලිපියක්ද ඇතුලත් වේ.
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත – දෙවන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා දෙවන වෙඵම 2004 වසරේදී එළිදක්වන ලදී.  එය නාගරික අවකාශය පිළිබඳ විශේෂ අවධානයක් සහිතව පළවිය. මෙහි ඇතුළත් ලිපි අතර හොන්ග් කොන්ග් හි වාස්තු විද්‍යාව හා යටත්විජිතවාදය පිළිබඳ ලිපියක් ද කොළඹ යටත්විජිත නගරයක් ලෙස ඇරඹු අවකාශීය යථාව දේශීයකරණය කිරීමේ දේශපාලනය පිළිබඳ ලිපියක්‌ද ඇතුළත්ය. මීට අමතරව, නිර්මාණ සාහිත්‍යයේ ආශ්චර්යාත්මක යථාර්තවාදය පිළිබඳ හැඳින්වීමේ ලිපියක්ද ඉදිරිපත් කෙරේ. පඨිත දෙවන වෙඵම භාගත කරගන්න
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත – හතරවන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා සිව්වන වෙඵම 2006 වසරේදී එළිදක්වන ලදී.  එය සංස්කෘතියේ දේශපාලනය පිළිබඳ විශේෂ වෙලුමකි. මෙහි ඇතුලත් ලිපි අතර, ජෙෆ්රි බාවාගේ වාස්තුවිද්‍යාව විශ්ලේෂණය කළ නිබන්ධයක් ද තත්කාලීන නිවාස සංකීර්ණ පිළිබඳ කියවීමක්ද ඉන්දියාව ආශ්‍රිතව නව ජනශ්රුතියක ආරම්භය පිළිබඳ ලිපියක්ද ඉදරිපත් කෙරේ. පඨිත හතරවන වෙඵම භාගත කරගන්න
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත: සමාජ සංස්කෘතික සමීක්‍ෂා 13 වන වෙඵමේ (2022)  පළමු සහ දෙවන ඒකාබද්ධ වෙළුම් 

පඨිත: සමාජ සංස්කෘතික සමීක්‍ෂා 13 වන වෙඵමේ (2022)  පළමු සහ දෙවන ඒකාබද්ධ වෙළුම්  දැන් අන්තර්ජාල සංස්කරණයක් වශයෙන් ඔබට කියවිය හැක. රටේ පවතින තත්ත්වය නිසා එය මුද්‍රණය කිරීමට දැනට හැකියාවක් නැත. එමගින් පර්යේෂණ රචනා තුනක්, ප්‍රවෙශාත්මක රචනා දෙකක්,  මතිමතාන්තර රචනා දෙකක් සහ ග්‍රන්ථ විමර්ශන පහක් ඉදිරිපත් කෙරේ. පඨිත – 13 වන වෙළුම 2022: පළමු සහ දෙවන එකාබද්ධ කලාප භාගත කරන්න
වැඩි විස්තර පරිශීලනයට