Skip links

පඨිත – නමවන හා දහවන ද්විත්ව වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා නමවන හා දහවන වෙඵම 2011/2012 වසරේදී පළවූයේ කෙටි ද්විත්ව වෙඵමක් වශයෙනි. ඒ සමගම පඨිත ප්‍රකාශයට පත් කිරීම නවත්වන ලදී. මේ කෙටි ද්විත්ව වෙඵමට ඇතුලත් වූ ලිපි අතර පළමු ලිපිය බොලිවුඩ් සිනමාව මගින් නියෝජනය කරන ඉන්දීය මධ්‍යම පාන්තික නිවාසවල අභ්‍යන්තර දර්ශන  ඉන්දියාවේ පන්තිමය වශයෙන් ඇතිකරන රුචිකත්වය පිලිබඳ බලපෑම විග්‍රහ කරයි. දෙවන ලිපිය විචාරයේ සීමා තුල සරසවිවල භූමිකාව පිලිබඳ පුලුල් කියවීමකට මුල පුරයි. තෙවන ලිපිය තෝරාගත් ප්‍රදර්ශනයක් පාදක කරගනිමිනි ශ්‍රී ලංකාවේ 90 දශකයේ දෘශ්‍ය කලාව පිලිබඳ  විවරණයක් ඉදිරිපත් කරයි.

Leave a comment

This website uses cookies to improve your web experience.