අහිලන් ගේ කවි සිංහලෙන් කියවීමට ඇති නොහැකියාව ගැන ….

Ahilan, Then There Were No Witnesses: Poems, translated by Geetha Sukumaran (අහිලන්, එවිට සාක්ෂිකරුවෝ නොසිටියහ: කවි, ඉංග්‍රීසි පරිවර්තනය ගීතා සුකුමාරන් විසිනි). ටොරොන්ටෝ: මවෙන්සි හව්ස් ප්‍රකාශන සමාගම, 2018. පිටු: 117. ISBN 978-1-988449-35-7. මිල: කැනේඩියානු ඩොලර් 24.95  (මෘදු කවරය සහිතව).

විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

මා පක්‍යනාදන් අහිලන් කවියෙකු බව මීට සති කිහිපයකට පෙර වන තුරු දැන සිටියේ නැත. මා ඔහු දැන සිටියේ කලා ඉතිහාසඥයෙකු වශයෙනි. ඒ මූලික වශයෙන් මීට දොළොස් වසරකට පමණ පෙර පඨිත සාර සංග්‍රහය මුලින්ම දියත් කළ කාලයේ, එහි පලකිරීම සඳහා ඔහුගේ ලිපි කිහිපයක සිංහල පරිවර්තන කියවීම තුළින්ය. ඒවා පරිවර්තනය කළේ සාමින්දන් විමල් විසිනි. ඔහුගේ කවීත්වය පිළබඳ මා අහම්බෙන් දැනගත්තේ 2018 වසරේ ඉංග්‍රීසියෙන් පළවූ Then There Were No Witnesses කවි එකතුවේ පිටපතක් මා මිත්‍ර සී. අන්ජලේන්ද්‍රන් මෑතකදී මට ලබා දුන් විටය. එය දෙමළ බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබුනේ ගීතා සුකුමාරන් බව දැනගත් විට, එය කියවීමට මට අමතර රුචියක් ඇතිවූයේ, ඇයගේ පරිවර්තන හැකියාව පිළබඳව මා ඒ වන විටත් මැනැවින් දැන සිටි නිසා මෙන්ම, වෙනත් බුද්ධිමය කටයුත්තක් සඳහා ඇය සමග සාකච්චා කරමින් සිටි නිසාත්ය. අහිලන්ගේ කවීත්වය පිළබඳ මා දැන නොසිටින්නට හේතුව කුමක්දැයි පොත කියවීම ආරම්භ කිරීමට පෙර දින දෙකක් පමණ තිස්සේ මා කල්පනා කළෙමි. මා පැමිණි නිගමණය මීට පෙර කිහිප අවස්ථාවකදීම ශ්‍රී  ලාංකේය සිංහල හා දෙමළ නිර්මාණ  සාහිත්‍යය හා කවි පිළබඳ මා දක්වා ඇති අදහසමය. එනම්, අප රට තුළ මේ ජනවාර්ගික-භාෂා ප්‍රජාවන්ගේ සංස්කෘතික හා සමාජයීය පසුබිම පිළිබඳව ගැඹුරින් දැනගැනීමට සුදුසුම මාර්ගය වන්නේ, ඔවුනොවුන්ගේ නිර්මාණ සාහිත්‍යය හා කවි අනෙකා ගේ බසින් කියවීමේ හැකියාව ලබා දීම තුළින් බවයි.  නමුත් මෙය අද වන තුරුම පුළුල් යථාවක් බවට පත්වී නැත. එසේ නම්, මා වැන්නෙකුට අහිලන් ගේ හෝ වෙනත් දෙමළ කවියෙකුගේ කෘති කියවිය හැකි වන්නේ, ඒවා දෙමළ ඩයස්පෝරාවේ සංස්කෘතික මැදිහත්වීම මගින් ඉංග්‍රීසියට පෙරලී, ඒවා අප රට වෙත පැමිණුනොත් හෝ වෙනත් රටකදී මිලදී ගතහැකි වුවහොත් හෝ අන්තර්ජාලය ඔස්සේ විසරණය වන්නේ නම් හෝ පමණි. මා ආර්. චේරන්, එම්. ඒ. නුහ්මාන්, වී.අයි.එස්. ජයපාලන් හා එස්. විල්වරත්නම් වැන්නවුන්ගේ කවි වරින් වර කියවා ඇත්තේ මෙලෙසිනි.  දැන් අහිලන්ගේ කවි එකතුව කියවන්නේ ද එලෙසිනි. එනමුත් මෙරට ජීවත්වන ප්‍රජාවක් පිළබඳ  සංස්කෘතික දැනුම ලබාගැනීම අහඹුවක් හෝ ආයාසයක් නොවිය යුතුය. එසේ වීම ම මා දකින්නේ මෙරට පශ්චාත්-නිදහස් යුගයේ සංස්කෘතික දේශපාලනයේ අතිවිශාල පසුබෑමක් ලෙසයි.

කෙසේ වුව ද, එක බසකින් ලියූ කවි එකතුවක් වෙනත් බසකට පරිවර්තනය වූ පසු, එය තුන්වන බසකින් සාර්ථකව විමර්ශනය කළහැකි යැයි මා සිතන්නේ නැත. එබැවින් මා උත්සාහ ගන්නේ, අහිලන් ගේ කවි සහ ඒ පිළබඳ ගීතා සුකුමාරන්ගේ දීර්ඝ හැදින්වීම කියවීමේදී සිතේ මතු වූ යම් කාරණා කිහිපයක් සනිටුහන් කිරීමය. මේ එකතුවේ තේමා හතරක් යටතේ කවි 48ක් ඉදිරිපත් කර ඇත. මේවා සංවිධානය කර ඇති තේමා හතර වන්නේ, ‘ගැටුම් සමය’ (Years of Conflict); ‘ආදරය හා ජීවිතය පිළබඳව’ (Of Love and Life); ‘2009 සිදුවූ විනාශය’ (The Devastation of 2009) සහ ‘විචාර පූර්වක සිතුවිලි’ (Ruminations) යන ඒවාය. මේ කිසිඳු කවියක් ශ්‍රී ලාංකේය දෙමළ සමාජය වසර තිහක පමණ කාලයක් මුළුල්ලේ සිවිල් යුද්ධයට හා දේශපාලන ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් ආකාරය යන සන්දර්භ සමග  ගලපානොගෙන තේරුම්ගත නොහැක. එනම්, අහිලන්ගේ කවිවලට, අන් බොහෝ ප්‍රසිද්ධ මෑතකාලීන දෙමළ කවියන්ගේ නිර්මාණවලට මෙන්ම ස්වාධීනව විකසිත විය නොහැක. ඒවා අර්ථවත් වන්නේ සහ එහි අරුත් පරිපූර්ණ වන්නේ, මෙරට දෙමළ සමාජයේ මෑතකාලීන සමාජ-දේශපාලනික අත්දැකීම් තුළ ස්ථානගතවීමෙන් පමණි. සුකුමාරන් සිය හැදින්වීමේ දක්වා ඇති පරිදි, අහිලන් ඔහුගේ ප්‍රථම කවි එකතුවේ සඳහන් කරන ආකාරයට, ඔහුගේ පරම්පරාවට අයත්වූවන් ගේ සවිඥානකත්වය හා දැක්ම ගොඩනගාගෙන ඇත්තේ යුද්ධය, ක්ෂතිය, දේශපාලන පෙරලිය හා විශේෂයෙන්ම බලාපොරොත්තු සුන්වීම යන වේදනාකාරී අත්දැකීම් මගින්ය (xix). ඒ පුළුල් සාමාන්‍යකරණය මේ කවි එකතුවට ද එක සේ බලපා ඇති බව පෙනේ. වඩාත් පැහැදිලිව, මේ අත්දැකීම් අතර බංකර්වල ජීවත්වීම, නිරන්තර අවතැන්වීම, නොයෙකුත් සන්නද්ධ කණ්ඩායම් අතර සිදු වූ සටන්වල ප්‍රතිපල, සදාතනික බිය, බිහිසුණු හා හදිසි මරණය යනාදිය දැක්විය හැක. මේ සියලුම තේමා අහිලන් ගේ කවිවලින් පැහැදිලිව මතු වේ. සුකුමාරන් යෝජනා කරන්නේ, ඔහුගේ සමස්ථ කාව්‍යමය ව්‍යාපෘතියම දුක පිළබඳ දීර්ඝ එක් කවියක් ලෙස තේරුම්ගත හැකි බවයි (xxi). එමෙන්ම, භාෂාමය හා ව්‍යුහමය අතින් ඇය පවසන්නේ, මේ එකතුවේ ඇතුළත් කර ඇති අහිලන් ගේ කවි ශතවර්ෂ ගණනාවක් ඈතට දිවෙන දෙමළ සංස්කෘතික හා සාහිත්‍යමය සම්ප්‍රදායන්ගේ ආභාෂය මෙන්ම රෝමාන්තිකවාදී, නූතනවාදී හා පශ්චාත් නූතන ශිල්පක්‍රමවලින් ද අභාෂය ලබා ඇති බවයි (xx).  

අහිලන්ගේ කවි එකතුව කියවීම තුළින් මා අන් දෙමළ කවීන් ගේ නිර්මාණ සහ පර්යේෂණ දැනුම ඔස්සේ මීට පෙර ද නොයෙක් වර කර ඇති ලෙසින්, මෙරට දෙමළ ප්‍රජාවේ අත්දැකීම් වෙත නැවත වරක් දුරස්ථ ලෙස අවතීර්ණ වුනෙමි. නමුත් අහිලන් වැන්නවුන්ට මේ කවි හුදු නිර්මාණ හෝ දුරස්ථ අත්දැකීම් නොවේ. ඒවා තම ප්‍රජාවේ මෑතකාලීන සාමුහික ජීවිතය පිළිබඳ ඓතිහාසික වෘතාන්තය; ශෝකජනක මතක සටහන්ය. ඒවා පුළුල් ලෙසින් සිංහල ප්‍රජාවට කියවීමට නොලැබීම මෙන්ම සිංහල නිර්මාණකරණය දෙමල ප්‍රජාවට පුළුල් ලෙස කියවීමට නොලැබීම ද යුගයේ අතිවිශාල ඛේදවාචකයකි. මට පෙනන පරිදි, දෙමළ ඩයස්පෝරාවේ වඩාත් ප්‍රයෝජනවත් සංස්කෘතික දායකත්වය වන්නේ, විශේෂයෙන් දෙමළ  කවි ගෝලීය පරිභෝජනය සඳහා ඉංග්‍රීසි බසට පෙරලීමය. ඒවා අපට ඉංග්‍රීසියෙන් හෝ කියවන්නට ලැබෙන්නේ, මේ ව්‍යාපෘතියේ අතුරු-ප්‍රතිපලයක් වශයෙනි. 1970 දශකයේදී පමණ නවසිලු වැනි ඉංග්‍රීසියෙන් පළවූ සඟරාවකින් හා අන් සීමිත උත්සාහ කීපයකින් සිංහල කවීන් ගේ නිර්මාණ ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමට  මූලික උත්සාහයන් ගත්ත ද, එය ඉහත සඳහන් කළ දෙමළ පරිවර්තන ව්‍යපෘතිය මෙන් පුළුල්ව අද වන තුරුම සිදු වී නැත. ඊට සිංහල ඩයස්පෝරාවේ උනන්දුවක් ඇති බව ද මෙතෙක් පෙනී නැත. සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් මේ භාෂා ද්විත්වයේ නිර්මාණ ලොවට ගෙනයා හැකි, සීමිත ජනවාර්ගික අනන්‍යතාව මත පමණක් ගොඩනොනැගුනු ලාංකේය හෝ ඩයස්පෝරා උත්සාහයක් නොතිබීම ද කනගාටුවකි.

කෙසේ වෙතත්, අහිලන් ගේ මීළඟ කවි එකතුව යුද්ධයේ සීමාවෙන් ඔබ්බට ගොස් තත්කාලීන තත්ත්ව සමග වඩාත් සමීපව සම්බන්ධවනු ඇතැයි යන්න මාගේ බලාපොරොත්තුවයි. එයින් අදහස් වන්නේ, එය රෝසමල් යහනක පොපියන සහජීවනය පිළබඳ සුරංගනා ලොවක්  නියෝජනය කළ යුතුය යන්න නොවේ.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

හංස විලක්: යළි පිරික්සුම සහ රේඛා අතර කියැවීම

~ආරි ආරියරත්න, කොලෙජ් ඔෆ් ඩුපේජ් සහ හාට්ලන්ඩ් කොමියුනිටි කොලෙජ්, ඉලිනොයි, ඇමරිකා එක්සත් ජනපද ධර්මසිරි බණ්ඩාරනායක ගේ පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය ලෙස තිර ගත වූ හංස විලක් (1980) සිනමා පටය මා නැරඹුවේ මීට හතළිස් වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දී ය. මෑතක දී මෙම සිනමා පටය නැවත නරඹන්නට මට අවස්ථාව උදා වූයේ එහි සංරක්‍ෂණය කළ පිටපත (digitally restored copy) ශ්‍රී ලංකාවේ නැවත තිරගත කිරීමට සමගාමී ව එය අන්තර්ජාලය මගින් නරඹන්නන් සඳහා ද නිකුත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුව කියවිය හැකි එක් ප්‍රවේශයක්

__________________________________________________________ හෙට්ටිතන්ත්‍රී, සුජීව. සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න. කොළඹ 10: සූරිය ප්‍රකාශකයෝ. 2019. පිටු 92, ISBN 978-955-656-571, රුපියල් 300.00.__________________________________________________________ ~ සසංක පෙරේරා සමාජවිද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය, ඉන්දියාව. (මේ කියවීම සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුවේ පෙරවදන වශයෙන් 2019 දෙසැම්බර් මාසයේදී පලවීය. එය මෙහි විමර්ශනයක් ලෙස නැවත පලකරන්නේ කවියාගේ අනුමැතිය සමගය) ප්‍රවේශය: සමාජයීය විද්‍යා සම්භාෂණය හා නිර්මාණ කෘති සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශාන්ත ඔගස්ටීන්ගේ ‘පාපොච්චාරණ’ සහ යුස්ටේන් ගාඩර්ගේ ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්’ සංසන්දනාත්මකව කියැවීමේ මූලික වෑයමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ———- විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ මොකද්ද ඔය පාපකාරී කියන දේ තේරුම බිෂොප් තුමනි? මොකද්ද ඔය දරුණු නැත්තම් පුහු කියන එකේ තේරුම? ඔයා ඔය විදියට පිළිකෙව් කරන හැම දේම අපිව දෙවියන් වහන්සේගෙන් පැහැදිළිවම ඈත් කරන දේ නොවේද? යූස්ටේන් ගාඩර් විසින් රචනා කරන ලද කෙටි නවකතාවක් වන ‘Vita Brevis: A Letter to St Augustine’ සසංක පෙරේරා විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඔබේ කවි ආලයට නැවුම් විරිතක් – නඳුන් දසනායකගේ ‘මගේ ආලයේ ග්‍රැමෆෝන්’

දසනායක, නදුන් යසිත. මගේ ආලයේ  ග්‍රැමෆෝන්.  මහරගම: අහස ප්‍රකාශකයෝ, 2019. පිටු 96. ISBN 978-955-3425-29-4, රුපියල් 350.00. ——————- විමර්ශනය: සෝමසිරි ඒකනායක ආරියවංශ රණවීරයන්ගේ ටී. එස්. එලියට් හා නව කවිය කෘතියෙහි පෙන්වා ඇති පරිදි “කවියේ පරමාර්ථය සන්දේශනය නම් එසේ සන්දේශනය විය යුත්තේ සමස්ත කවියයි. කවිය තැනීමට පාදක වූ අත්දැකීම් හා සිතුවිලි ගන්නේ දෙවනි වැදගත්කමකි. කවියේ පැවැත්ම ඇත්තේ කවියා හා පාඨකයා අතර කිසියම් තැනකය. එහි ස්වභාවය රැඳෙන්නේ කවියා පැවසීමට තැත් දරන දෙයෙහි නොවේ. ඒ නිසා කවියෙන් ඇඟවෙන්නේ කුමක්ද යන්න…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පශ්චාත්-‘පාංශු’ කතාබහක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනයෙන් හා අධ්‍යක්‍ෂනයෙන් දායක වූ පාංශු චිත්‍රපටය මා නැරඹුවේ ඒ පිළිබඳ කිසිදු අදහසක් සිතේ නැතිවය. චිත්‍රපටයේ තේමාව කුමක්ද යන්න ද මා දැන සිටියේ නැත. චන්ද්‍රසේකරම් 2002 දී නිර්මාණය කළ කටු යහන වේදිකා නාටකයෙන් පසු ඔහුගේ නිර්මාණකරණය පිළිබඳව මා සතුව කිසිදු දැනුමක් නොවූ බැවින්, එදා සිට අද දක්වා වසර 18ක කාලය තුළ ඔහු නිර්මාණ ක්‍ෂේත්‍රයේ පැමිණ සිටියේ කොතැනටදැයි දැනගන්නට මට කුතුහලයක් තිබුනි. 1980 ගණන්වල අග භාගයේ අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සහෝ: ශ්‍රී ලාංකික විදග්ධ පාඨකයා ගේ අවධානයට යොමුවිය යුතු නව කතාවක්

ඇතුගල, ආරියරත්න. සහෝ.  නුගේගොඩ: සරසවි ප්‍රකාශන. 2020. පිටු 227, ISBN: 9789553121165; මිල: රුපියල් 375.00. _________________________ ~ ආරි ආරියරත්න ~ පරිවර්තනය: උපසේන හේවගේ සහෝ මහාචාර්ය  ආරියරත්න ඇතුගල ගේ නිර්මාණ කෘතියකි. එමෙන්ම, එය මේ වන විට චිත්‍රපටයක් වශයෙන් ද නිෂ්පාදනය වී තිබේ. ලේඛකයෙකු සහ නාට්‍යකරුවකු වශයෙන් මීට ඉහත දී ද ඇතුගල  සිය කුසලතා සහ දස්කම් දැක්‌වූවෙක් බව අප දන්නා කරුණකි.  මේ කතාවට පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසියම් විශ්වවිද්‍යාලයක සිසු කණ්ඩායමක ක්‍රියාකාරකම් හා අත්දැකීම් ය. එහි ප්‍රධාන පාත්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අසනිපාත: ධවල භීෂණය තුළ වැඩුණු පරම්පරාවේ හෘදය සාක්ෂිය

ඒකනායක, සෝමසිරි. අසනිපාත. මහරගම: අහස පොත්. 2019. ISBN -978-955-3425-30-0, මිල රුපියල් 900.00. ___________ විමර්ශනය: ප්‍රසන්න පෙරේරා අසනිපාත සෝමසිරි ඒකනායක ලේඛකයාගේ තෙවැනි ගධ්‍ය දිගහැරුමයි. සරසවියේ අවසන් වසර නිබන්ධනයට ඉදිරිපත් කළ, මෙතෙක් මුද්‍රණයෙන් එළි නොදුටු, ‘මහෝඝයක ඉරණම’ සමාජ විද්‍යාත්මක නවකතාව සමග සැලකුවහොත්, මේ ඔහුගේ සිව්වැනි ගධ්‍ය ප්‍රබන්ධ කෘතියයි. කවියෙකුද වන ඔහුගේ පස්වැනි මුද්‍රිත මෙහෙයුමයි. 1998 සිට ඇරඹි ඔහුගේ ලේඛක දිවියේ යම් පරිණත මොහොතකදී අසනිපාත එළිදැක තිබේ. එය එම කෘතියට ඉමහත් සාධාරණයක් ඉටු කළ බවට සැක නැත. අසනිපාත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘නිරෝධිත කවි’ පිලිබඳ කෙටි සටහනක්

නිරෝධිත කවි. උදන් ප්‍රනාන්දු. කතෘ විද්‍යුත් ප්‍රකාශනයකි. 2020. පිටු: 36. ———– විමර්ශනය: නිලූක කදුරුගමුව කවියා හා සාහිත්‍යකරුවා අනුප්‍රාණය ලබන්නේ ඔහු අවට හටගන්නා මහා හෝ චූල හෝ ප්‍රපංචයන්ගෙනි. සිය දහස් ගණනකට මරු කැඳවූ වසංගත, කවීන් සහ සාහිත්‍යකරුවන් විසින් නිරතුරුවම සිය කලාකෘතීන්ගේ වස්තු විෂයය බවට පත්කර ගනු ලැබූ සැටි අපි දැක ඇත්තෙමු. කොවිඩ් වසංගතය ලෝක සාහිත්‍යය කෙරෙහි වස්තු විෂයයමය වශයෙන් කවර බලපෑමක් කරනු ඇතිදැයි, කෙනෙක් ළඟදී මගෙන් විමසීය. මා ඊට දුන්නේ නොපැහැදිලි උත්තරයකි. අවංකවම ඊට හේතුව ඒ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආදරයේ සංකීර්ණත්වය සහ පුද්ගලිකත්වයේ දේශපාලනය: ‘Suitable Boy’ චිත්‍රපට කතා මාලාව පිළිබඳ කියවීමක් ‘

~ පරුල් භන්දාරි, ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලය Suitable Boy චිත්‍රපට කතා මාලාව මේ වන විට ‘නෙට්ෆ්ලික්ස්’ සේවය ඔස්සේ විකාශනය ​වේ මා වික්‍රම් සෙත් ගේ Suitable Boy නවකතාව මුලින්ම කියවූයේ 2000 දශකයේ මැද භාගයේදීය.   මා මීරා නයර්ගේ Monsoon Wedding චිත්‍රපටය නැරඹූයේ 2001 දීය.  මේ කෘති දෙකම බැලූ බැල්මට ගනුදෙණු කරන්නේ විවාහය සඳහා සහකරුවෙකු සොයාගැනීම පිළිබඳව සහ ඒ හා සම්බන්ධ විවාහ මංගලෝත්සව සංවිධානය කිරීමේ දී මතුවන ගැටලු හා කලාබැ​ගෑ​නි පිළිබඳව වුවද,  ඒවා ඉන්දීය සමාජීය සහ දේශපාලනික…
වැඩි විස්තර පරිශීලනයට